
(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා මහ බැංකව ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම වෙත නිකුත් කර තිබූ මුදල් හමුමරු කිරීමේ බලපත්‍රය අද අත්හිටුවනු ලැබීය.
කොළඹ, වැල්ලවත්තේ පිහිටි එම ආයතනය මහබැංකුවේ අනුමත මිල ගණන්වලට වඩා වැඩි මුදලක් ගෙවා ඇමෙරිකානු ඩොලර් මිලදී ගන්නා බවට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව මහ බැංකුව විමර්ශනයක් සිදුකර බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ.
ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම ඇමෙරිකා ඩොලරයකට රුපියල් 350ත් 375ත් අතර මුදලක් ගෙවන බවට ඉකුත් දිනවල ජනතාව අතර තොරතුරු පැතිර ගොස් තිබිණි.
බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත ගනුදෙනුකරුවන්ට ලබාදීම නිසා එම සමාගමේ බලපත්‍රය තාවකාලිකව අත්හටු වූ බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ නියම විනිමය අනුපාතය රෑ.375/= කියන එක නේද. ඉතින් කවුද බැංකුව කියන විදියට ඩොලර් එවන්නේ. හොරු ගියදාක එවයි.