“ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ කාර්ය සාධනය ඉදිරිපත් කිරීමට අපොහොසත් වන රාජ්‍ය සේවකයින් ජනාධිපති කාර්යාලයට වාර්තා කළ යුතු බවට සදහන් කරමින් ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
“ගම සමග පිළිසඳර” වැඩසටහන සඳහා අලුතින් පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් පවරා ඇති රාජකාරි ඉටු කිරීමට ප්‍රමාද වන හෝ අසමත් වන රාජ්‍ය සේවකයින් සෘජුවම ජනාධිපති ලේකම් වෙත වාර්තා කළ යුතු බවට එම ගැසට් නිවේදනයේ දැක්වේ.
රාජකාරි ඉටු කිරීම ප්‍රමාද කිරීම සහ වගකීම් ඉටු කිරීම ප්‍රමාද කිරීම හෝ අපොහොසත් වන ඕනෑම රජයේ සේවකයෙකු හෝ ඕනෑම අමාත්‍යංශයක, රජයේ දෙපාර්තමේන්තුවේ, රාජ්‍ය සංස්ථාවේ හෝ එවැනි ආයතනයක ඕනෑම රජයේ සේවකයෙකු හෝ නිලධාරියෙකු මට වාර්තා කරන ලෙස මම මෙයින් ඉල්ලා සිටිමි.
එකී කාර්ය සාධක බලකාය විසින් භාර දිය යුතු එවැනි රාජකාරි හා වගකීම් ඉටු කරන්න ”යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ලේකම් ජයසුන්දර මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් වේ.
( සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි)
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ ප්‍රමාද ජනාධිපතිගේ තමයි. ඉක්මණටම කළේ 20වැනි සංශෝධනය විතරයි. ඔන්න ඕක එහෙනම් නන්දසේනට කියන්න.
නියමයි...!!!
“ගම සමග පිළිසඳර” වැඩසටහන හොඳ දෙයක්. යෝජනා වූ කාර්යයන් රජයේ නිලධාරීන් ඉටු කරනවාද යන්න පසු විපරම් කිරීම කළ යුතු දෙයකි.
ලංකාවේ රජයේ කාර්යාල වල මොන වැඩේද කලට වේලාවට කරන්නේ ? නිකන් විහිලු සපයන්නේ නැතිව ඉන්න.
ලොක්කා තමයි ප්‍රමාද කරපු දෙයක් නැ. ආපු දවසේ ඉදලා ගැසට් නම් ගැහැව්වා. එහෙත් ඒවා පස්සේ රිවස් කලා
සියගණනක් යාන වාහන හෙලිකොප්ටර් ආදිය යොදාගෙන විශාල පිරිවර ජනයා කණ්ඩායමක් සමඟ ගමට ගිහින් කරන මේ නාට්‍ය සංදර්ශනය සඳහා අපරාදේ වියදම් කරන විශාල මුදල් කන්දරාව නැණවත් ලෙස වියදම් කලොත් ගම් වල ඇති දැවෙන ප්‍රශ්න කීයක් නම් විසඳන්නට පුළුවන් වෙයිද? ඒ උනාට ඉතින් එහෙම " නිහඬව ප්‍රශ්න විසඳලා" කොහොමද ප්‍රවෘත්තිවල " අපි තමා හොඳටම කෙරුවේ" කියල පෙන්න පෙන්නා මිනිස්සු අන්දවන්නේ මල්ලී ?
ජනාධිපතිතුමනි ඔබතුමා විසින් අඩු ආදායම් ලාභි පවුල් සහ සමෘද්ධිලාභීන්ට රැකියා ලක්ෂයක් දීම වැඩසටහනට සහභාගී වූ අයදුම්කාරිනියක් වන මා 2020 පෙබරවාරි 27 වැනිදා නාරහේන්පිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී මගේ සම්මුඛ පරික්ෂණයට මුහුණ දුනි. මගේ අම්මා සමෘද්ධිළාභිනියක් මගේ පවුලේ කිසිදු පුද්ගලයෙක් රජයේ රැකියාවක් කරන්නේ නෑ. අදටත් අවුරුද්දක් වනතුරු මට කිසිදු ලිපියක් මේ සම්බන්ධව ලැබී නෑ. ඕන හැමතැනටම ගියා මේ පිළිබඳ බලාපොරොත්තුවක් ලබාගැනිමට එහෙත් ගිය හැම තැනකම ඔවුන් මට නිසි පිළිතුරක් ලබා දුන්නේ නෑ. ජනාධිපති කාර්යා සාධක බළකාය වෙත මා ගියෙමි. එහෙත් ඔවුන් මට පැවසුවේ මන්ත්‍රී කෙනෙක්ගේ මාර්ගයෙන් යන ලෙසයි අපිට එහෙම හැකියාවක් තිබුණානම් කිසිම විටකවත් මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්නේනෑ අපිවගේ රැකියාව ලැබෙයි කියලා විශ්වාසයෙන් සිටින්නේ අපි අපේ තරුණ ඡන්දය ලබා දුන්නේ ජනාධිපතිතුමන් ගැන ගොඩක් විශ්වාස කරලා.