“2022 පෙබරවාරි 15 බටහිර යුද ප්‍රචාරණය අසාර්ථක වූ දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.රුසියානු හමුදා යුක්රේන දේශසීමා ආසන්නයේ සිදුකල යුද අභ්‍යාස නිම කිරීමෙන් පසු නැවත තම සේනාංක කඳවුරු වෙත ගමන් කරන බව රුසියාව නිවේදනය කිරීමත් සමග, මොස්කව් අවධාරණය කර ඇත්තේ පූර්ණ ආක්‍රමණයකට අණදීම තවත් සුළු මොහොතකින් සිදු විය හැකි බවට යුරෝපා රටවල් සිදුකල අනාවැකි අසත්‍ය බව ඔප්පු වී ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි.වෙඩි තැබීමකින් තොරව බටහිර රටවල් විනාශ කළ බව රුසියාව පවසයි.
විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා ප්‍රකාශයක් නිකුත් කරමින්, මොස්කව්හි සන්නද්ධ හමුදාවන්ට තම අසල්වැසියාට එරෙහිව ආක්‍රමණයක් තවත් පැය කිහිපයක් ගත විය හැකි බවට එක්සත් ජනපද හා යුරෝපීය නිලධාරීන්ගේ සතිපතා වාර්තා සහ ප්‍රකාශයන් පිලිබඳව අප්‍රසාදය පළ කළාය.
”2022 පෙබරවාරි 15 බටහිර යුද ප්‍රචාරණය අසාර්ථක වූ දිනය ලෙස ඉතිහාසගත වනු ඇත,” රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා පැවසුවාය. ”එක වෙඩිල්ලක්වත් නොතබා බටහිර රටවල් ලැජ්ජාවට විනාශට පත් කළ බව ඇය වැඩිදුරටත් පැවැසුවාය.
(විමුක්ති එස් රුද්‍රිගු රොයිටර්ස් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර මාධ්‍ය කිය කිය හිටියේ තව පැයෙන් ගහයි, ඔන්න ගහන්න වගේ එන්නේ කියලා. අන්තිමට යුක්රේනෙත් බටහිර මාධ්‍ය වලට බනින්න ගත්තා. ඇයි යකෝ නැති ගිනි අවුලන්නේ, ඔහෙලගෙ ගොන් කතා නිසා වෙන රටවල ආයෝජකයො රටින් ආයෝජන ඉවත් කර ගන්නව, සංචාරකයො, ව්‍යාපාරිකයො, උගත්තු රට අතෑරල යනව රුසියාව ගැහුවට වඩා පාඩුවක් උඹල කරන්නෙ කියල.
බටහිර රටවල් කොහේද විනාශවෙලා තියෙන්නේ...? එහෙ ඉන්න ජනතාවගෙන් 95%ක් හොඳට කාලාබීලා, හොඳ සෞඛ්‍ය පහසුකම් භුක්ති විඳිමින් ජීවත් වෙනවා. රුසියාවේ සිදුවෙලා තියෙන්නේ මේකෙ අනික් පැත්ත.