(අංජුල මහික වීරරත්න)
පරන්තන් - කරච්චි - මුලතිව් (A035) මාර්ගයේ වට්ටුවාකල් පාලම යළි ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වට්ටුවාකල් පාලම නමින් හැඳින්වෙන පරන්තන් - කරච්චි - මුලතිව් (A035) මාර්ගයේ අංක 50/1 දරන පාලම මුලතිව් දිස්ත්‍රික්කයේ නන්දිකඩාල් කලපුව හරහා පිහිටා ඇත. 2009 වර්ෂයේදී අවසන්වරට අලුත්වැඩියා කර ඇති මෙම පාලම මේ වන විට අනාරක්ෂිත තත්ත්වයේ පවතී. එබැවින්, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එය මංතීරු 2කින් යුත් නව පාලමක් ලෙස ඉදි කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය මත ලංසු කැඳවා තිබේ. ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරු වන M/s RR Construction (Pvt) Limited වෙත එකී පාලම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වට්ටුවාකල් පාලම හදන කොන්ත්‍රාත්තුව දෙයි