(සුජිත් හේවාජුලිගේ )

ලෝකයේ පුරා  කොරෝනා අලුත් රැල්ලක් මතු වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇතැයි  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

එම රැල්ල සමග රෝගීන් හා මරණ සංඛ්‍යාව වැඩිවෙමින් ඇති  බවද  ඔහු පැවසුවේය.

මේ අතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ  සහ  රුවන්වැලි සෑය ආසන්නයේ  ඉතා  විශාල පිරිසක්  එක්රොක්වී සිටිනු පෙරේදා  එහි සංචාරය කළ අවස්ථාවේදී  තමා   දුටු බවත් ඔබ සිටින්නේ  මෙයට සති දෙකකට පෙර කොවිඩ්  නිසා දෙසීයකට  වැඩි පිරිසක් මිය ගිය රටක යැයි  එසේ  වගකීම් විරහිතව කටයුතු කරන  ජනතාවට  සිහිපත් කරන බවත්  හෙතෙම සඳහන් කළේය.

ආසාදිතයින් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළත් කොවිඩ් අවදානම පහව ගොස් ඇති බවට වැරදි අදහසක් ඇති කර නොගන්නැයි රාජ්‍ය ඇමැතිවරයා ඉල්ලීමක් කළේය.

වයිරය ඉදිරියේදී වෙනස් නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බව පැවසූ හෙතෙම පළාත් අතර සංචරණ සීමා පවත්වාගෙන ගියත් ජනතාව සිද්ධස්ථානවලට  මළ ගෙවල්වලට හා  උත්සවලට අධික ලෙස එකතු වෙමින්  නරක පූර්වාදර්ශ  ලබාදෙමින් සිටින බවද

මෙරට එන්නත්කරණ වැඩසටහන අවසන් අදියරට පැමිණ ඇති බවත් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට අදාළ එන්නත් මිලදී ගැනීම් සම්බන්ධ සියලු තොරතුරු ඉදිරියේදී සවිස්තරාත්මකව අනාවරණය කරන බවත්  මහාචාර්ය චන්න ජයසුමන මහතා  වැඩිදුරටත් පැවැසීය.