(නිමල කොඩිතුවක්කු)
ව්‍යවස්ථාවට පටහැනි ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයකු පත් කිරිම සහ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරිමට ජනාධිපතිවරයා ගත් තිරණයට දැඩි විරෝධය පළ කරමින් මහා වැඩ වර්ජනයක් සහිත කැරැල්ලක් සංවිධානය කරන බව නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කොළඹදී පැවැසීය.
ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාව නිසා රට බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බවත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවා රට තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරන බවත් ඔහු සදහන් කළේය.
දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද(31) පැවත්වූ මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා මෙසේද කීවේය.
‘‘ව්‍යවස්ථාවට පිටුපාල සල්ලි බලයෙන් මැර බලයෙන් පාර්ලිමේන්තුව සැළකිල්ලට නොගෙනමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රජපක්ෂ මහතා කටයුතුකරමින් සිටිනවා. මේක පැහැදිලිවම කුමණ්ත්‍රණයක් විදියට අපි සළකනවා.
මෙතන නිති උපදේශක විදියට ඉන්නේ විජේදාස රාජපක්ෂ මහතායි. ඔහු ඉතාම කපටි බුද්ධිමතෙක්. ඔහු නීතීඥවරයෙකුට වඩා නීති බාස් කෙනෙක් විදියට හදුන්වන්න අපි කැමතියි. ඔහුගේ කාර්ය භාරය වෙන්නේ නීතිය කොහොමද නමන්නේ කියන එකයි.
16 වනදාට අයවැය ගේනවා කියලා ඔහු දැන් කියනවා. ඡන්ද බලය යටපත් කිරිම ගැන මේ අය ඡන්ද තියන්නේ නැහැ. අගමැතිවරු දෙන්නෙක් දැන් ඉන්නවා. පාර්ලිමේන්තුව විවෘත කරපු ගමන් මේ දෙන්නගෙන් අගමැති කවුද කියන එක විමසන එකයි කළ යුත්තේ.

(ඡායාරූපය -ඉෂාන් සංජීව )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය තමයි නියම ප්රගතිශීලීන්...
දවල්ද?
ඡන්ද 20 කින් මොන කරලිද මහත්තයෝ?
හරි පුලුවනන්ම් කරලා පෙන්වන්න...
අපි මේක නීතිය මගින් ගරු උසාවියෙන් විසඳාගන්න බලමුද?
මානසික ලෙඩක්ද කොහෙද? මූණක් කටක් හෝදපු කෙනෙක්ද?
කොටි ඩයස් පෝරාවටත් තද වෙලා වගෙයි.. උන වැඩේට.....
වැඩ වර්ජනයක් නම් කොහොම හරි කර ගනී. ඒත් කැරැල්ලක් කරන්න කී දෙනෙක් විතර ඕන වෙයිද ? දන්නේ නැති හින්ද අහන්නේ.
එ්පාර මේ ආචාරියා මොකක්ද නටන්න හදන නැටුම?
ලංකාවේද? වරෙන්කෝ කැරලි ගහන්න..
ගුටිකාලා හතර හන්දි කඩා ගන්නයි හදන්නේ...
නියමයි මමත් පුළුවන් උදව්වක් කරනවා.. ඔය කැරැල්ලට එන අයයි ඔබතුමාගේ පක්ෂේ අයවයි ගේන්න ත්‍රී වීල් එකක් එවන්නම්...
දෙකොනින් සිනාසෙමි
කොණ්ඩ කැරලි වගේ...
වික්රමබාහුලාට කරන්න පුළුවන් මගුලක් මේ රටේ තිබෙනවාද?
පාර්ලිමේන්තුව කැඳවන්න මොකද හදිස්සිය? මොකද අගසව්වෝ බිම බලාගෙන? ඔලුව උස්සන්න ලැජ්ජද?
අයියෝ මෙයා කාලෙකට ඇවිත් හීනෙන් වගේ මොනවද කියනවා.. කවුරුත් ගණන් ගන්නේ නැහැ.. පව් අනේ...
වයසට යනකොට මොවුන් කුමක හෝ එල්ලෙන්න බලාගෙන ඉන්නේ...
කොහොමද ඒක?
කාගේ රටකින්ද දන්නේ නෑ සල්ලි එවන්නේ...? තුන් දෙනෙක් විතර ඉඳියි. අපූරු සමාජවාදියෝ...
අනේ වික්‍රමබාහු කියන කෙනා හිතාගෙන ඉන්නේ එයා අලියෙක් කියල වෙන්නැති
මෙයා මානසික ලෙඩෙක්...... ප්‍රාදේශීය සභාවකවත් මන්ත්‍රී තනතුරක් ගන්න තරමේ ඡන්ද පදනමක් නැති මේ මනුස්සයා බොරුවට කියවනවා ..........
මගේ සේරම සෙනඟ ත්‍රීවිල් එකකින් ගේනවා කොළඹට එදාට...
මැක්කෙක් ගියපු දුර !
වික්‍රමබාහු, ජිනීවා වලදී කොටින් සමග එකතුවෙලා ලංකාවට විරුද්ධව සටන්පාඨ කියනවා. මෙයා, සුනන්ද දේශප්‍රිය ඔක්කොම එක වල්ලේ පොල්. කොටින්ට පන්දම් අල්ලන අයට කරන්න ඕනෑ ජිනීවාවලදී ලාංකිකයන් එකතුවෙලා මොහුව පන්නගත්තා වගේ එලවන එක...
එන්ජීඕ සල්ලි වැඩ පටන් අරගෙන වගේ.