
'ඩෙල්ටා' විකෘතියට වඩා දස ගුණයකින් ප්‍රබල, විකෘති ප්‍රභේද දහයක් මුසු වී නිර්මාණය වුණු, බිහිසුණු 'කොවිඩ් 19' ප්‍රභේදයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
B.1.1529 යනුවෙන් නම් කළ මෙම 'කොවිඩ් 19' විකෘතිය මේ වනවිට දකුණු අප්‍රිකාවේ සහ බොට්ස්වානා රාජ්‍යයේ පැතිර යන බව වාර්තා වේ. දකුණු අප්‍රිකා සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ, එන්නත්වලින් පවා මට්ටු කළ නොහැකි මෙම විකෘතිය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම නව විකෘතිය සම්බන්ධයෙන් ඊයේ (25) රැස් වී විශේෂ හමුවක් පැවැත් වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මෙම නව විකෘතිය හඳුනා ගැනීම සහ ඒහි සුලමුල සොයා ගැනීමට සිදු කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ 'යූ.සී.එල්. ජෙනටික්ස්' නමැති ජාන පර්යේෂණ ආයතනයයි.
ඒඩ්ස් ආසාදිතයකුට 'කොවිඩ් 19' ආසාදනය වී, එම තැනැත්තාගේ සිරුරේ 'කොවිඩ් 19' වයිරසය විකෘතිකරණයට ලක්වීමෙන් පසු B.1.1529 නිර්මාණය වී ඇතැයි 'යූ.සී.එල්. ජෙනටික්ස්' ආයතනයේ වයිරස විශේෂඥයෝ පෙන්වා දෙති. ඒඩ්ස් රෝගයට හේතු වන්නේ එච්.අයි.වී. වයිරසයයි. එච්.අයි.වී. ආසාදනය වූ පසු සිදු වන්නේ, ප්‍රතිශක්තිය විනාශ කර දැමීමය. ඒ අනුව, ඒඩ්ස් රෝගියකුට සාමාන්‍ය හෙම්බිරිස්සාවක් පවා මාරක වන අවස්ථා ඇත.
'ඒඩ්ස් ආසාදිතයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වුවහොත් එය ඉතාමත් බරපතල තත්ත්වයක්. එච්.අයි.වී. වයිරසය හේතුවෙන් එම තැනැත්තාගේ ප්‍රතිශක්තිය මුළුමනින්ම අඩපණ වීම ඊට හේතුවයි. B.1.1529 විකෘතිය නිර්මාණය වී ඇත්තේ, ඒඩ්ස් ආසාදිතයාගේ සිරුර හැකි උපරිමයෙන් කොවිඩ් 19 වයිරසය නැසීමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒඩ්ස් රෝගියාගේ සිරුර තුළ දී කොවිඩ් 19 වයිරසය පරාජය බාර ගෙන නැහැ. එය තව තවත් විකෘති වෙමින් ස්වරූපය වෙනස් කරගෙන B.1.1529 නිර්මාණය කර තිබෙනවා. මෙය සැබැවින්ම බිහිසුණු විකෘති ප්‍රභේදයක්' යැයි 'යූ.සී.එල්. ජෙනටික්ස්'ප්‍රධානී ෆ්‍රන්සුවා බැලොක්ස් පෙන්වා දී තිබේ.
B.1.1529 විකෘතිය තවමත් ග්‍රීක හෝඩියේ අක්ෂරයකින් නම් කිරීම සිදු කර නැත. තවමත් මෙම විකෘතිය අප්‍රිකා කලාපයේ දකුණු අප්‍රිකාවට සහ බොට්ස්වානාවට පමණක් සීමා වී ඇති අතර, මෙම විකෘතිය ආසාදිත රෝගීන් හමුවී ඇත්තේ විසි දෙදෙනකු පමණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විකෘති 10 ක් මුසුවුණු විකෘතියක් එනවා
Sriland Friday, 26 November 2021 12:13 PM
අපේ රට කන්නේ විනාශ කරන්නේ බටහිර බෙහෙත් මාෆියාව.
D B G S N GUNARATHNA Saturday, 27 November 2021 08:54 PM
හොඳයි