
(නිමල් ජයරත්න)
වී අලෙවි මණ්ඩලයට අයත් වැලිකන්ද වී ගබඩාව වන අලි විසින් කඩා එහි වී මිටි ආහාරයට ගෙන ගබඩා දොරටුව ද විනාශ කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මේ පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමණාකරු නිමල් ඒකනායක මහතා පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති බවද පොලිසිය කියයි.
මෙම ගබඩාවට මුරකරුවෙකු නොමැති අතර 16 වෙනිදා අලුයම මෙම මෙම වන අලි ප්‍රහාරය සිදුවී ඇති බවද නිමල් ඒකනායක මහතා අප කළ විමසීමකදී පැවසීය.
වන අලි ප්‍රහාරයෙන් වී මිටි කිහිපයට හානි සිදුව තිබෙන බවත්, එම අලියා වි මිටි දෙක තුනක් ගිල දමා ඇති අතර ගබඩාවේ දොරටුවද කඩා බිඳ ඇති බව ඒකනායක මහතා කීවේය,


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සඳහා අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් කළ යුතුයි.
කවුරු මොන පරීක්ෂණ කෙරුවත් අලියට හෙම දඬුවම් කරන්නෙ නෑ. ඒ අපේ ජාතික වස්තුව. ආයි එන්න කියන්න තව වී මිටි ටිකක් කාල යන්න.
අලියා කියන්නෙත් කන බොන සතෙක් නේ ... අපේ දේශපාලුවෝ වගේම අලියත් කන්න ලැබෙන, කන්න තියෙන තැන්වලට තමයි යන්නෙත් . ඔය නරක පුරුද්ද — අලියටත් පුරුදු කරේ අපේම දේශපාලුවෝ තමා... තිබෙන තැනකින් බලෙන් හරි අරන් කාපන් කියන එකට අලියට දඬුවම් කරන එක නම් වැරදි වැඩක්...