IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලංවීම හතරකට කැඩෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

නව විදුලිබල පනතේ විධිවිධාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලය වෙනම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඔවුන් අනියුක්ත වන සමාගම් ඒ පිළිබඳව දැනුවත් කළ ලිපියේ සඳහන් වන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පැවැසුවේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඔවුන් කැමති සමාගමකට අනියුක්ත විය නොහැකි බවද ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.

ලංකා විදුලිබල පනත යටතේ ආරම්භ කරන නව සමාගම් හතර වන්නේ නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රොවයිඩර් පුද්ගලික සමාගම, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පුද්ගලික සමාගම සහ ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගම යන සමාගම්ය.

නව සමාගම් හතර රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතිනු ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරන යම් සේවකයකු එම සේවකයා අනියුක්ත කර ඇති සමාගමට යාමට කැමැත්තක් නොමැති නම් ඔහුට හෝ ඇයට වන්දි සහිතව විශ්‍රාම ගැනීමේ හැකියාවද පවතින බවද ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.

සේවකයින්ට තීරණයක් ගැනීමට මාස 2 ක කාලයක් තිබෙන බවද ලංකා විදුලි බල මණ්ඩලය පැවැසුවේය.

 



අදහස් (4)

ලංවීම හතරකට කැඩෙයි

Ach Thursday, 28 August 2025 11:30 AM

මේ වගේ දෙයක් කළොත් ඔවුන් හොඳින් වැඩ කරයි, එසේ නොවුවහොත් මෙම රජයේ සේවකයින් කිසි විටෙකත් ඔවුන්ගේ යුතුකම ඉටු නොකරනු ඇත

:       0       0

අන්_ර Thursday, 28 August 2025 11:46 AM

හරි, ඔන්න එහෙනම් රනිල් ලොක්ක ප්ලෑන් කරපු දේ අපි කලා. ඊලඟට තියෙන්නේ හිමීට කොම්පැනි හතරට ආයෝජකයෝ කැඳවන එක.

:       0       0

ගුණරත්න Thursday, 28 August 2025 01:52 PM

අර විදුලිය බල මණ්ඩලේ අයිතිකාර මහත්තුරු සද්දයක් නැහැනේ. ගිය ආණ්ඩු කාලේ මෙහෙම කරන්න ගියාම වර්ජන කරලා ඒවා කඩාකප්පල් කරලා දැම්මානේ, දැන් නිකම් ගලේ පැහැරපු බළල්ලු වගේ ඉන්නේ..

:       1       29

Nishan Friday, 29 August 2025 11:55 AM

මාර වැඩේ ජෙප්පන්ට උනේ. හොඳම හොඳ වැඩේ. ලංවිම විකුණනවා කියලා ගිය ආණ්ඩුවට විරුද්ධ වෙලා මාලිමාවට කඩේ ගිය අයට හොඳම දඬුවම ලැබෙන්නේ එයාලගේම ආණ්ඩුවෙන්.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site