නිල සංඛ්‍යා දත්තවලට අනුව ලොවපුරා සිටින කොරෝ ආසාදිතයන්ගේ ගණන 700,000 ඉක්වවා ගොස් ඇත.
ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට ඇති නව කොරෝනා වයිරසය හෙවත් කෝවිඩ්-19 වයිරසය ලොව පුරා දැවැන්ත ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කර ඇත.
නිල සංඛ්‍යා දත්තවලට අනුව අද (30) පස්වරු 5 වනවිට ලොවපුරා 732,153 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ අතර වාර්තා වූ සමස්ත මරණ ගණන 34,686ක් යැයි ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසය රටවල් සහ පරිපාලන ප්‍රදේශ 183 කට ව්‍යාප්ත වී ඇතැයි ද එම පුවත් වාර්තාවේ දැක්විණි. කොරෝනා වයිරසය ආසාදනය වූ ලොවපුරා 154,673මේ වනවිට සුවය ලබා ඇත.
අද පස්වරු වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 143,025ක් වන අතර එරටින් වාර්තා වූ මරණ ගණන 2,514කි. වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත්ජ ජනපදයෙනි. වැඩිම මරණ ගණනක් වාර්තා වන ඉතාලියෙන් වන අතර අද පස්වරු වනවිට එරටින් වාර්තා වූ සමස්ත මරණ ගණන 10,779ක් වූ අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 97,689කි.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයෙන් අද වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 81,470කි. එරටින් වාර්තා වූ මරණ ගණන 3,304කි.තවත් රටවල් රැසක් තවමත් කොරෝනා ආසාදනය වී ඇතැයි සැක කෙරෙන පිරිස් පරීක්ෂා කරගෙන යන අතර ඉහත සඳහන් කරන ලද සංඛ්‍යා දත්ත සම්පූර්ණ සංඛ්‍යා දත්ත නොවන බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. කොරෝනා ආසාදනය වී ඇතැයි සැක කර රෝහල් ගත කළ සහ පරීක්ෂණවලට මුහුණ දුන් පිරිස් පමණක් මෙම සංඛ්‍යා දත්තවලට ඇතුළත් කර ඇතැයි ද ප්‍රංශ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබිණි.
ඒ.එෆ්.පී.
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන 700,000 ඉක්මවයි