
(යොහාන් භාසුර)
බහලුම් 24,000 ක් එකවර ප්‍රවාහනය කළ හැකි ලොව විශාලතම නෞකාවක් වන ‘එවර්ස් ඒස්’ නෞකාව අනිද්දා (6) කොළඹ වරායට ළගාවන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
කොළඹ වරායට පසුගියදා ජපානයේ විශාල නෞකා තුනක් එකවර පැමිණි බව කී අමාත්‍යවරයා කොළඹ වරායේ නව පර්යන්ථ ඉදිකිරීම නිසා මෙවැනි විශාල නැව්වලට ළගාවී අවස්ථාව උදාවී ඇතැයි ද සඳහන් කළේය.
විශාලත්වයෙන් වැඩි ‘එවර්ස් ඒස්’ නෞකාවට ලෝකයේ වරායන් අතරින් සීමිත සංඛ්‍යාවක පමණක් නැංගුරම් දැමීමේ හැකියාව ඇති බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් වෙන්න ඇති අර කිව්ව ඩොලර් රට රට වලට ප්‍රවාහනය කරන්නේ.
හැබෑද රත්තරන්...?
ඔය නැවත් අළු කරනවා එහෙම නෙවෙයි
ජෙප්පෝ කියයි අපේ කාලේ තමයි මෙම පර්යන්තය මේ තත්වයට දියුණු කලේ කියලා.
ලොකුම මැණික විකුණලා ලැබුන සල්ලි ගෙනාවා වෙන්න ඇති.
ඇත්තද ඇමතිතුමෝ.?
හොඳ දේකට කවදාවත් හොඳයි කියන්න දිව නැමන්නෙ නැති තිරිසන් ගති ඇති මහම මහ කුහක මිනිස්සුත් අත ලොස්සක් ඉන්නව අපෙ රටේ.. අනුනට පරාභව කරන ඒ දුෂ්ඨ මිනිසුන් දිනෙන දින විනාස වෙනවා.
මෙහෙට තමයි ඔක්කොම එන්නේ
කොළඹ වරයට කියලා කිව්වට මේ එන්නේ අදානි වරායට. මේ අය ජනතාව අන්දනවා.
දේශපාලනික වහල්ලු හිතනවා ඇති ඔය නැවේ තියෙන ඔක්කොම පෙට්ටි ලංකාවට අපු ඒවා කියලා.
කොළඹ දැනට ලංකාවේ වුණාට වරාය ලංකාවේ නෙවෙයි. වරාය අයිති චීනෙටයි, ඉන්දියාවටයි...