ගෝලීය වශයෙන් ඔමික්‍රොන් රැල්ල පැතිරීම සියයට 22 දක්වා වන බවත් පසුගිය සති කීපය හා සංසන්දනයේ දී මෙම රැල්ල වේගයෙන් සමනය වන බව කැනඩාවේ  වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසයි.

ප්‍රබල නව ප්‍රභේදයක්  බිහි නොවුණහොත් මෙම වසර මැදවන විට වසංගතය ආවේණික රෝගයක් ලෙස පාලනය කකළ හැකිවනු ඇතැයි ද එම වාර්තාව කියයි.

මෙතෙක් මරණවලට ගොදුරුවූවන්ගෙන් වැඩි කොටසක් එන්නත් ප්‍රතික්ෂේප කළ අය බව ද වාර්තා වෙයි.