(විනීතා එම් ගමගේ)
හිටපු අතිරේක විගණකාධිපති ලලිත් අඹන්වල මහතා අද අභාවප්‍රාප්ත විය.
විගණන නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා විගණන සේවයට එක්වූ අඹන්වල මහතා පළත් අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරමින් සිටිය දී 2002 වසරේ දී ඇසිඩ් ප්‍රහාරයකට ද ලක්විය.
එම අමාත්‍යංශයේ සිදුවු වංචා දූෂණ රැසක් ඔහු විසින් හෙළි කළ අතර එකී වංචාදූෂණවලට හවුල් වූ පිරිස් මෙම ප්‍රහාරය එල්ල කළ බවට හෙළිවිය.
මුහුණට හා දෑස්වලට දැඩි හානි සිදුවුවත් වසර කිහිපයක ප්‍රතිකාරවලින්පසු අඹන්වල මහතා යළි සේවයට එක්වුු අතර විශ්‍රාම යනවිට අතිරේක විගණකාධිපතිවරයා ලෙස සේවය කරමින් සිටියේය.
මහනුවර පිහිටි ඒ මහතා ගේ නිවසේ දී අද පෙරවරුවේ ඇති වූ හදිසි හෘදයාබාධයකින් ඔහු අභාවප්‍රාප්ත වූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංක රාජ්‍ය නිලධාරියෙක්. පවුලේ සැමට මගේ සාතිශය සංවේගය පළ කරන අතර, ඔබට නිවන් සුව අත් වේවා!
ඔබට සුබ ගමන්
ඔබතුමාට අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා. මතු උපදින කිසිම බවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා
තමන් උපන් මව්බිමටත්, තමන් කළ වෘත්තියටත් අනුපමේය මෙහෙයක් කළ ලක් මෑණිගේ අති සුජාත දරුවකුගේ නික්ම යෑමක්... ගරු මැතිඳුණි, නිවන් දක්නා ජාති දක්වා යුක්තිය රජයන දේශයක යලි උපදීවා...!!!
ඉතා කණගාටුදායක ආරංචියක්. ඔබ නීතිගරුක පුරවැසියෙක්. නිවන් සැප ලැබේවා
ඔහු මොනතරම් උතුම් සේවකයෙක්ද? ගරු කරනවා සර්! සෑම කෙනෙක්ම සිතන්නේ නම් ඔහු මෙන් වැඩ කළහොත් ශ්‍රී ලංකාව සාගරයේ සැබෑ මුතු ඇටයක් වනු ඇත. කනගාටුවට කරුණ නම් එය දූෂිත වීමයි. මේ රටේ වෙසෙන සියලුම ජනතාවට ස්තූතියි. මිනිසුන් දකින්නේ කරුණු දෙකක් පමණි - වර්ණ පමණක්. කොළ, නිල්.
ඉතාමත්ම අවංකව තම රාජකාරිය කල ඔබතුමාට නිවන් සුව අත්වේවා.....!!!
මගේ ශෝකය. අවංක රජයේ නිලධාරියෙකු නික්ම යාම, නමුත් ලලිත් අඹන්වලගේ නම ශ්‍රී ලංකාවේ සෑම විටම පවතී
අපි ඔබට ආචාර කරනවා සර්. අවංක, ධෛර්ය සම්පන්න සහ කීර්තිමත් රජයේ සේවකයෙකු ලෙස ඔබේ නම රන් අකුරින් ලියා ඇත. ඔබට නිර්වාණයෙහි උත්තරීතර ප්‍රීතිය අත් වේවා!
නිවන්සුව ලැබේවා සර්
නිවන් සැප ලැබේවා මැතිතුමනි
කොන්දක් තිබුන අභීත නිලදාරියෙක් ඔබට සුම ගමන් !
හොද මනුස්සයෙක් නිවන් සුව
අවංක රාජ්‍ය නිලධාරියෙක් ඔබට නිවන් සුව පතමි
රාජ්‍ය දේපළ/මුදල් වංචාව සහ අල්ලස් දීම නැතිකරන තෙක් රට දියුණු කල නොහැක. එමනිසා රටට අවශ්‍ය විරල නායකයකු වියයුතු ව තිබූ නිර්භීත මහත්තයෙකුගේ වියෝව රටට විශාල පාඩුවකි. එතුමාට නිවන් සුව පතමි.
අප ඔබව දන්නේ පුවත් පත් වලින් පමණි. ඔබේ නිර්භිත බව එතරම් ම ප්‍රසිද්ධයි. රාජ්‍ය පරිපාලන ලේකම් ඔහු ගැන ඇගයීමක් කළ යුතුයි. ඔහුගේ කතාව නව පරපුරේ පුහුණුවනු රාජ්‍ය නිලධාර්න්ට කියා දිය යුතුයි. ඔහුගේ මතකය දිගමට තබාගත් ලංකාදීපය ඇතුලු මාධ්‍යවලටත් ස්තුතිය. අපගේ ඇගයීම ඔහුගේ පවුලට දන්වන්න.
හොඳ නිලදරුවෙක්. ඔබට නිවන්සුව පතමි.!
ලලිත් මැතිතුමාගේ මතු භවය ඉතාමත් සුඛිත මුදිත වේවා.!
අවංකව සේවයක් කළ අඹන්වල, මහතාණෙනි ඔබට නිවන් සුව...!!!
නිවන් සුව ලැබේවා
එතුමාට මේ අපරාධය කළ අයට නීතියෙන් දඬුවම් ලැබුණේ නැද්ද?