
(එස්.ජී.උබේපාල)
හොරෝවිපොතාන, කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී අද සවස සිදුවූ මාරක රිය අනතුරකින් ලොරියකට යට වූ පාසල් සිසුවියක සහ අනතුරට පත් ලොරි රථයේ රිය සහයකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරොවිපොතාන,මොරකෑව පාසලේ ඉගෙනුම ලැබූ සදැසි විහංසා නැමති 10 හැවිරිදි දැරියක් සහ 27 හැවිරිදි ලොරි සහයෙකයෙකි.
වවුනියා සිට අනුරාධපුර දෙසට වීදුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් ලොරිය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ පාලමෙහි ආරක්ෂිත වැටෙහි ගැටී අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි.
(ඡායාරූප : කුෂාන් ජයවර්ධන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදිමතයි කියලා තේරුනහම ඇයි හරකුනේ අයින් කරල නවත්වලා ටිකක් නිදාගෙන ඉදල යන්ඩ බැරි.. අහින්සක මල් කැකුලු නේද මේ නිකරුනේ පරවෙන්නේ.. ඒ දෙමව්පියෝ කොහොම දරා ගන්ඩද? හිතපියව් ඔබේ දරුවා ඔහොම පාරෙ මරලා දාලා තිබුනොත් දැනෙන්නෙ කොහොමද කියලා..