(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මදුරන්කුලිය කඩයමෝට්ටේ කිලාමඩුචේන ප්‍රදේශයේ පාසල් දරුවන් දෙදෙනකු  ලොරි රථයක ගැටිමේන් මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කඩයමෝට්ටේ සිංහල මහා විද්‍යාලයෙ 3 හා 8 ශ්‍රේණි වල අධ්‍යාපනය ලැබූ සිතිජ සෙනෙත් සංජන අවුරුදු 8 ක හා දිලිප් මධුශංඛ අවුරුදු 12 ක දරුවන් දෙදෙනකු බව කියයි.

අනතුරින් එක් දරුවකු එම ස්ථානයෙදීම  මරණයට පත්ව ඇති බවත් අනෙක් දරුවා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර හදිසි ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මරණයට පත් ඇති බව කියයි.