
(යොහාන් භාසුර)
විදුලි ගාස්තුව දැනට පවතින ප්‍රමාණයේම තවදුරටත් පවත්වාගෙන යාමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කළ බව එම කොමිසමේ සභාපති මහචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
මහජන උපයෝගිතා කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී එම කොමිසමේ සභාපති මහචාර්ය කේ.පී.එල්.චන්ද්‍රලාල් මහතා එසේ පැවසීය.
ඒ අනුව ලබන ජනවාරි මස දක්වා දැනට පවතින විදුලි ගාස්තුවම පවතින බවත් විදුලි ගාස්තුව පිළිබඳව ජනවාරි මස නැවත සලකා බලන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දෙයක් ජයවේවා??
1)අර IMF කියන විදිහට විදුලිබල මණ්ඩලේ කොටස් 5 කට කඩල පුද්ගලික කරණය කලා නම් විදුලි බිල 30% කිසිම ප්‍රශ්නයක් නැතිව අඩු කරන්න පුළුවන් , 2)එහෙමත් බැරිනම් මේ රජය දැනට සැලසුම් සකස් කරන ආකාරයට කොටස 5 කට කඩල රජයේ සමාගම් වශයෙන් පවත්වාගෙන යන වැඩ පිළිවෙලට අනුව කටයුතු කරන්න වුර්තිය සමිති කැමති වෙන්න ඕනේ 3)එහෙමත් බැරිනම් රජයෙන් දෙන වන්දි අරන් ඉවත්වෙලා ගෙදර යන්න ඕනේ වුර්තිය සමිති මේ මුකුත් නොකර ඔක්කොම කඩාකප්පල් කර මණ්ඩලේ පාඩු ලබමින් දැනට ක්‍රියාත්මක වන ආකාරයට වර්ජන තර්ජන කරමින් ඉදිරියට ඉදිරියට යනවා නම් එකේ පාඩු පියවන්න වැඩිපුර බිල් ගෙවන්න ජනතාව සුදානම් නැත , , රජය වුර්තිය සමිති සමග කරන සාකච්චාවල වර්තමාන තත්වය ගැන ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්චාවක් පවත්වා ජනතාව දැනුවත් කල යුතුය එවැනි අවස්ථාවක රජයට මොවුන් පාලනය කරගන්න බැරි බව පෙනෙනවා නම් ,ජනතාව අර කොස්තාපල් ගේ සිධියේදී මෙන් ඉදිරියට ඒවි , එහෙම වුනොත් වුර්තිය සමිති කාරයන් ගුටි කෑමට නියමිතය ,,
මේ හොරුන්ට කොමිස් ගහන්න , හොර OT දමන්න ,විදුලිබිල තව රුපියලක්වත් වැඩිපුර ගෙවන්න අපි කැමති නැත , අර රජය යෝජනා කරන ආකාරයට මේක කොටස් 5 කට කඩල රජයේ සමාගම් විදිහට ඉදිරියට ගෙන යාමේ යෝජනාවට මේ වුර්තිය සමිති එකඟ වෙන්න ඕනේ , දින කීපයක් විදුලිය නැතිවුනත් කමක් නැහැ , මුන් ටික වන්දිත් නැතිවම එලියට දමන්න , හැම තැනම මාෆියා පොලිස් කාරයෙක් පෙරකදොරුවෙක් සමග ගහ ගතහොත් මුළු රටේම පෙරකදෝරුවෝ ඇවිත් එක කෝලාහලයක් , අර අනුරපුරේ වුන වගේ දොස්තර නෝනා කෙනෙක් කොහේ හරි යන කලාකනිය්යෙක් එක්ක බුදියගෙන උ හරියට වැඩේ නොකලොත් දොස්තර නෝනා සැහීමකට පත් නොවුනොත් රෝහලම වර්ජනේ , කාලයක් ගිහිල්ල පසුව CCTV බලලා ප්‍රශ්නේ විසදෙනකොට රෝගීන් 7-8 දෙනෙක් මැරිලා , ලක්ෂ ගණනක රජයේ මුදල් නිකරුනේ නස්තිවෙලා , මේ මගුල් වෘර්තිය සමිති සහ වර්ජන නිසා හැමදාම තැලෙන්නේ පුරවැසි අපි , ඉවසිමේත් සිමාව ඉවර වුන දිනයට පාරට බසින ජනතාව මුන්ට පොලු වලින් ගසන දිනය වැඩි ඈතක නොවේ ,එක නිසා වර්ජන කරනවා නම් පරිස්සමින් කරපල්ලා
පාරට බහින්න බලාගෙන හිටියේ. දැන් වෙන එකක් හොයාගන්න වෙනවා.
CEB එක කොටස් 5 කට බෙදුවහම කළමනාකාර තනකුරු විතරක් 300% වැඩිවන බව මේ ළදරුවාට කියාදෙන්න. IMF කියන විදිහට කරන්න දෙන්න. ඇතුලෙ උන් කොහොම හරි උන්ගේ දේවල් ගන්නවා. හොයන්නෙ බලන්නෙ නැතුව මේකේ comment දාන උන්ට ඒ මුදලි විදුලි බිලෙන් නැත්නම් වෙන විදිහකට හරි ගෙවන්න වෙනවා. බිත්තරය 27 හැබැයි බිත්තර ආප්ප 125 දන්නවනේ. කොරෝනා කාලේ බස්වල ඉදගෙන විතරයි යන්න පුළුවන් කියලා 50% වැඩි කලාග අදටත් ඒ ගාන ඒහෙම්මමයි. විදුලි බිල රු 6000 කට අඩු සාමාන්‍ය පාරිබෝගිකයෝ හැමදෙනාම මාසෙට එක විෂයකට 4000-6000 වගේ දීල ලමයි ටියුශන් යවනවා නේද. ඒවා වැඩි නැද්ද? පවුලේ සාමාචිකයින්ර ගේ දුකථන බිල් වල එකතුව කීයක් වෙනවද? සැබැ ප්‍රශ්ණය පෙනි පෙනී වෘතිකයාටම බනින්නේ තමන්ට එතනට යන්න බැරි වුනු හිත්තැවුලට හා කුහක කමට නොවේද?
විපක්ෂ නායකයා බලාගෙන උන්නේ විදුලි බිල වැඩිවෙයි කියලා,ජනතාව කුලප්පු කරලා පාරට බහින්ඩ ඒකත් හබක්. .හරිහමන් මිනිහෙක් නම් ජනතාවට යහපතක් වෙනවානම් ඊට සහය දෙන එකයි කරන්ඩ ඕනේ?
අපරාදේ 2-3% කින් හරි වැඩි කරන්න තිබුනේ. බයියන්ට කියන්න දෙයක් නැති වෙනවා දැන්.