විනීතා එම් ගමගේ
ලෙබනනයේ නීිති විරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමා කාලයක් ලබාදීමට එරට රජය එකඟ වී තිබේ.
මේ වනවිට එම පොදු සමාකාලය ක‍්‍රියාත්මක අතර එය අවසන් වන දිනය ලෙබනන් රජය පසුව දැනුම් දෙනු ඇත.
මෙසේ පොදු සමාවක් ලැබුණද එරට නීති විරෝධීව රැදී සිටි කාලය නොසලකා පිරිමි ශ‍්‍රමිකයකුගෙන් ලෙබනන ලීරා ලක්ෂ හතරක් හා කාන්තාවක ගෙන් නම් ලෙබනන ලීරා ලක්ෂ 3 ක් ද අයකිරීමට ලෙබනන රජය තීරණය කර ඇත.
කෙසේ වෙතත් මේ වනවිට කොරෝනා වයිරසය එරට තුල ද ව්‍යාප්තව ඇති බැවින් මේ මස 15 වැනිදා සිට අපේ‍්‍රල් 12 වන දා දක්වා ලෙබනනය වසා දමා ඇති බැවින් ආපසු පැමිණීමට කැමති අයට තානාපති කාර්යාලයේ විද්‍යුත් ලිපිනයට හෝ වට්ස් ඇප් අංකයට විස්තර එවා ලියාපදිංචි වන්නැයි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
එසේ එවන තොරතුරු තානාපති කාර්යාලය විසින් එරට රජයට ලබා දෙනු ඇති බවත් පවතින තත්ත්වය අවසන්ව රට සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු පිටවීමේ බලපත‍්‍ර ලබා දෙනු ඇති බවත් කාර්යංශය කියයි.
එසේ වුවද ලෙබනනයෙන් පිටවීමට අවසර ලැබෙන පිරිසට රටින් පිටවන්නට ලැබෙන්නේ ගුවන් තොටුපලවල් ඇරීමෙන් පසුව වන අතර ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර හිමිවන්නේ මෙරට සෞඛ්‍ය අංශයේ උපදෙස් මත රජය විසින් ගනු ලබන තීරණ අනුව නියම වන දිනයක දීය.
සාපරාධී ක‍්‍රියාවන්ට චෝදනා ලබා සිටින ශ‍්‍රමිකයන්ට එකී චෝදනා පිළිබද නීතිමය කටයුතු අවසන් වූ පසුව මෙම සමාකාලයේ පිටවිය හැකිය.
මේ පිළිබද වැඩි විස්තර [email protected] විද්‍යුත් තැපෑලෙන්, 0096176700657 හෝ 0096181363894 දුරකතන අංකවලින් හෝ එම අංක ඔස්සේ වට්ස් ඇප් ඔස්සේ ලබාගත හැකිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලෙබනනයේ නීතිවිරෝධීව සිටින ලාංකිකයින්ට පොදු සමා කාලයක්
de silva Wednesday, 01 April 2020 08:30 AM
පොදු සාව දීා කොහොමද එහෙම දඩ ගහන්නේ ? සමාව නම් සමාව දඩ නම් දඩ.