
(සුජිත් හේවාජුලිගේ )
තම පාලනය යටතේ ලැබී ඇති නිදහස වැරදි ආකාරයට පාවිච්චි නොකරන්නැයි සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඹිලිපිටියේදී අද පැවසීය .
රට පාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් තමා බැහැරට නොයන බවද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී අද පෙරවරුවේ පැවැති මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදා දීමේ උත්සවයේදීය.
පෙර රජයන් ගත් ණය අද පොළී සමග ගෙවීමට සිදුව ඇති බවත් මේ ගැටලු තම පාලන සමයේදී ඇතිවූ ඒවා නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
රට අමාරු තත්වයක පවතින අවස්ථාවක අසාධාරණ වැඩ වර්ජන වලට යෑම සුදුසු නැති බව පැවසූ රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී විපක්ෂය ඇතුළු සියලු පාර්ශවයන් රජය සමඟ එකතුවී සහයෝගය දැක්විය යුතු බවද සඳහන් කළේය.
වගකිවයුතු විපක්ෂයක කාර්යභාරය එය බව ඔහු වැඩිදුරටත් කීවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත ජනපති, වත්මන් විපක්ෂනායක සජිත් අගමැති කරමු...!
නිදහස තියෙන්නේ ව්‍යවස්ථාවේ. ඔයාගාව නොවේ...
මෙයා මොනවා ගැනද කතා කරන්නේ? මම හිතන්නේ පිස්සුව වැඩිවෙලා කියලා..
තමුන්ට ලැබී තිබෙන බලය අයුතු ලෙස පාවිච්චි කරන්න එපා...
අවසාන පින්තූරයේ පිටිපස්සෙ තියෙන්නේ වායුසමීකරණ නේද?
විකාර කියවනවා.
මට පාලි සංස්කෘතෙන් මේකට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්..!
මොකක්ද අලුතින් ලබා දුන්න නිදහස?
නිදහස යනුවෙන් අදහස් කළේ ජනපති පිළිබඳ ඊ මේල් හුවමාරු කළ විට අත්අඩංගුවට ගැනීමද? මානුෂික අයිතිවාසිකම් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කියලා ජිනීවා වලදී අසාගත හැකියි. ගෑස් කිරිපිටි, ඉන්ධන විදුලිය, සිමෙන්ති, ඖෂධ, පිටි... මේ කිසිවක් ලබාගැනීමට නොහැක. මිරිහාන ප්‍රදේශයේ කොඩි එසවීමටවත් නොහැක. නිදහස උපරිමයි. රටම විනාසයි. පව් නොදී ගෙදර යන්න.
අපොයි ඔව්, ඒක ඇත්ත.. දැන් රට කොතැනින් දියුණුද... නේද? ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, කිරිපිටි පෝලිම්... අතමිට උතුරා ගියා මුදල් නේද? සෞභාග්‍යයෙන් පිරිලා මෙයාගේ අයියගේ ණය ගෙවන්න වුණේ පොළියත් එක්ක ගිය ආණ්ඩුවට... රජයක් බාරගන්න කවරෙකුට වුවත් ඊට පෙර රජයේ ණය ගෙවන්න වෙනවා. ඒවා දැනගෙනනේ බලය ගත්තේ නේද?
නන්දසේන මහත්තයෝ, ඔහේගේ කතා අපි අහන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ. තමුන්නැහැගේ මූණත් තහඩුව දැක්කාම මාරයා ආවේශ වෙනවා. රටක ජනපති කෙනෙක් හින්දා කුණුහරපයෙන් ප්‍රසිද්ධියේ බනින එක සදාචාරාත්මක නැති නිසා ඉවසනවා.. රටේ ඩීසල් නැහැ... පෙට්‍රල් නැහැ. කිරිපිටි පැකට් එකක් හොයන එක කළුනික හොයනවා වගේ.. සිමෙන්ති නැහැ. තිබුණත් අස්ප ගණන්... තමුන්නැහේ රත්මලානේ දුම්රිය අංගනයට ගිහින් සංදර්ශන දමනවා. කොමිසම් පත්කරනවා. අනේ ඔහේගේ නල්ලමලේ කොමිසම්... අර ගෑස්වලට දමපු කොමිසම... ආපු කාලේ අලි, මිනිස් ගැටුමට දමපු කොමිසම ඕවාට මොකද වුනේ? අර යුක්රේන ජනතාව විකට නළුවෙක් පත් කරගෙන දැන් ඒකේ වන්දිය ගෙවනවා මේ රටේ බහුතරයකටම වුනේ ඒකයි තමුන්නාන්සේ පොරක් කියලා හිතුවා. අන්තිමට බලනකොට දේශපාලන මන්ද බුද්ධික ළදරුවෙක්... මේ ඔක්කොම ප්‍රශ්න වලට ඔහේ වගකියන්න ඕන නැහැ. ඒක ඇත්ත නමුත් මේක කළමනාකරණය කරගන්න ඕනෑ. බුද්ධිය ඔහෙට නැහැ අපේ හිතේ තියෙන ආවේගේ කොහොමහරි එළියට දමන්නත් එපායැ.. තව අවුරුදු 3ක් මෙහෙම ඉන්න වෙනවාමයි.. මම අන්තිමට එකක් කියන්නම් තමුන්නාන්සේලාගේම චක් ගෝලයෙක් වන ලන්සා ඊයේ පෙරේදා කිව්ව නොවැ සමහර ගස් මැරෙන්නේ වැල් හින්දා කියලා... නන්දසේන මහත්තයෝ, ඔහෙට වෙන්නෙත් ඒකම තමයි...
මොනවද මේ දොඩවන්නේ... මොන නිදහසක්ද අපට මේ දීලා තියෙන්නේ...?
මේවට කොහෙන් හිනාවෙන්නද? කෝ බයියෝ... සර් කොහොමද රට කරන (කන) විදිහ... පොඩ්ඩක් කියලා දෙන්න බැරිද?
මේ වගේ අපතයෙක් මුලු ලෝකෙම නැතිව ඇති. මේ මනුස්සයා මානසික වෛද්‍යවරයෙකුට පෙන්නන්න ඕනෑ.
මෝඩ මිනිස්සු රවටා බලය ගත්තට ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කිරීමට දන්නේ නැති රජෙකුට තම ආවේගය පිටකිරීම සඳහා බලය යෙදීම හැර වෙන කරන්න දෙයක් නෑ. පුස් වෙඩි. 69 ලක්ෂයක් රැවටුණාට දැන් රටම දන්නවා...