
(නිමල් ජයරත්න)
බී ලුණු අස් වැන්නට සාධාරණ මිලක් ඉල්ලා ඇලහැර, බකමූණ ලොකු ලුනු ගොවීහු පිරිසක් බකමූණ නගරයේදී අද විරෝධතාවයක නිරත වූහ.
ලොකු ලූනු කිලෝවක නිෂ්පාදන මිල රුපියල් 110 - 120 ත් අතර මිලක් වැය වුව ද මේ වනවිට ලොකු ලූනු කිලෝවක් තොග වෙලදුන් ලබා ගන්නේ රුපියල් 110 ක් වැනි මිලකට බවද ගොවීහු චෝදනා කළහ.
බකමූණ ඇලහැර ප්‍රාදේශීය සභාව අසළින් විරෝධතාව ආරම්භ කළ ගොවීන් දඹුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයට පැමිණ ද පැය කිහිපයක් විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාව පවතින කාලය තුළ ලොකු ලූනු ගොවීන් කිහිප දෙනකු ඇලහැර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා සමඟ සාකච්ඡාවක නිරත වු අතර එයද අසාර්ථක වූ බව ගොවීහු සඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ අර ඒ දවස්වල කයිවාරු ගහපු ජෙපි මැති ඇමතිවරු? බලය ගත්තාට පසු අඳ ගොලු බිහිරි වෙලා ද? ළමා අයිතිවාසිකම් නාමයෙන් අපේ දරුවන් හා දෙමාපියන් අතරත්, ගුරුවරුන් සහ සිසු සිසුවියන් අතරත් අනාදිමත් කාලයක පටන් පැවත එන සරු සබඳතා, බටහිර ඕනෑකමට කඩා බිඳ දාන්න කැස කවන වෙලේ මේ ගොවි මහතුන්ගේ සැබෑ ප්‍රශ්නවලට කන් දෙන්න එතුමන්ලාට වෙලාවක් නැද්ද?
අහන්න රටේ ජනතාවගෙන් සාමාන්‍යයෙන් වෙනදාට වඩා වැඩි මිලට ලූනු කන්න කැමතිද කියල, සමහරවිට විපක්ෂයේ අය කැමති වෙයි, එහෙම අයට ගන්න රජය මේව කිලොව 200 ගානෙ අරගෙන බෙදා හරින්න. මම කියන්නෙ සාමාන්‍ය වෙලඳපොලේ මිලට වඩා වැඩි පිරිවැයක් යනව නම් එවා නිෂ්පාදනය නොකර ඉන්න එතකොට මේවගේ බෝඩ් අල්ලන්න වෙන්නෙ නැහැ ,වෙන බෝගයක් වගා කරන්න අඩුමගානෙ අස්වැන්න කල් තබා ගත හැකි.