IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ලිට්‍රෝ ලොක්කෙක්ට මිලියන තුනක වැටුපක් ?

(යොහාන් භාසුර)

ගෑස් මිල ඉහළ යෑමේ පීඩනය ජනතාව දරාගන්නේ නම් රාජ්‍ය ආයතනයක් වන ලිට්‍රෝ සමාගමේ උසස් නිල දරමින් සුපිරි වැටුප් ලබන නිලධාරීන් ද කැපකිරීමක් කළ යුතු බවත් ඒ සඳහා එම සමාගමේ නිලධාරින්ට බලකිරීමට බලාපොරොත්තු වන බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල බණ්ඩාර මහතා පැවසීය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධානිිිිියකුට මාසිකව රුපියල් ලක්‍ෂ 30 වැනි ඉතාම විශාල වැටුපක් ලබන බවට දැනගන්නට ලැබී ඇති බවත් එවැනි වැටුපක් ලබන්නේ නම් එහි කිසිඳු සාධාරණයක් නොමැති බවත් අසේල මහතා කීය.

මෙම සුපිරි වැටුප්වලට එරෙහිව විරෝධය දැක්වීමට ලිට්‍රෝ සමාගමට එන බව ද අසේල බණ්ඩාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (22)

ලිට්‍රෝ ලොක්කෙක්ට මිලියන තුනක වැටුපක් ?

ඉහළම පඩි Friday, 29 April 2022 03:43 PM

රාජ්‍ය සේවය කියන්නේ... රටට කරන සේවයක් නොව ඉහළම පඩි ලබාගන්නා රැකියාවකි...!

:       6       68

පහලම පඩිFriday, 29 April 2022 05:45 PM

රාජ්‍ය සේවය කියලා අපහාස කරන්න එපා... මොවුන් මණ්ඩල නිලධාරින් ඒ වගේමයි සංස්ථා නිලධාරින්... නමුත් රජයේ සේවකයින් මුලු සේවා කාලයේවත් මෙහෙම වැටුපක් ලබන්නේ නැහැ. මෙහෙම ගන්න අයට ජනතා ශාපය ලැබෙනවා නියතයි. ජාති ජාතිත් ශාප වෙනවා... කවුරු වුණත් අවුරුදු 5කදී උන්දෑ කෝටි දහඅටක් ගන්නවා..!

:       2       50

හිඟන පඩිSaturday, 30 April 2022 06:17 AM

වැරදි අදහසක් . මේ රටේ අඩුම මාසික ආදායම් ලබන්නේ රාජ්‍ය සේවකයන් . ඔවුන්ගේ ඳල වැටුප් බහුතරයක් 50000 අවට. අද කුලී වැඩ කරන අයෙක් දවසට 3000 ගන්නවා කෑම දීල. එයාල මාසෙට දවස් 15 වැඩ කලත් ඒ ගාන හොයනව. මේසන්වරයකු 4000 ගන්නවා .

:       0       0

ජගත් ලියනගේ Friday, 29 April 2022 04:48 PM

එයාගෙ එහෙම නං අරයගේ කොහොමට ඇත්ද?

:       1       44

Niranjan Friday, 29 April 2022 04:54 PM

රටින් ගේන දේ සිලින්ඩර වලට පුරවන්න සභාපති කෙනෙක් මොකටද?

:       1       89

මුදියන්සේ.... Friday, 29 April 2022 05:06 PM

මසකට ලක්ෂ 30ක වැටුපක් සභාපතිට ගෙවන්නේ නම් මෙම ආයතනය පාඩු නොලබාවිද? සංස්ථා මණ්ඩල සභාපතිවරුන් ඇතුළු ප්‍රධානින්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ දෙකකට අඩුවිය යුතු බවට ජනාධිපතිවරයා විසින් මීට කලකට පෙර දැනුම්දීමක් කළා නේද? කෝටි ගණනින් පාඩු ලබන මුත් සභාපතිවරුන්ට අධික වැටුප් ගෙවීම සිදුකරන ආයතන බොහෝය. එසේම පාඩුලබන රාජ්‍ය ආයතනයන්හි සේවකයින් සඳහා බෝනස් (ලාභාංශ) බෙදීමත් සිදු කෙරෙන්නේ කෙසේද? රටේ ජනතාවට අධික ජීවන බරක් දැරීමට සිදුව ඇත්තේ මෙවන් තත්ත්වයන් මත බැවින් මේ සම්බන්ධයෙන් පාලකයින්ගේ අවධානය යොමුවිය යුතු නොවේද?

:       0       70

සකල ගුරු Friday, 29 April 2022 07:18 PM

මෙහෙම අයට ජනතා දුක තේරුම් ගන්න හැකිවේද? නැහැනේ... ඉතින් මේ අය හිතෙන හිතෙන වෙලාවට හිතු හිතූ ආකාරයට මිල වැඩි කරනවා. වහාම මණ්ඩල වලත්, සංස්ථාවලත් වැටුප් ගෙවීම සීමා කළ යුතුයි. එයට අකැමැති අය පත් නොකළ යුතුයි. මාසෙකට ලක්ෂ එකක් හෝ එකහමාරකින් සේවය කරන්න පුළුවන් උගත්, බුද්ධිමත් තරුණ, තරුණියන් ඕනෑතරම් ඉන්නවා. මෙයාලාව පත් නොකර උගත්, බුද්ධිමත් අය මේවාට පත්කරමු.

:       0       42

Thilakarathna Friday, 29 April 2022 05:42 PM

ලංකාවේ ආයතනවල සභාපතිවරුන්ට ගෙවන වැටුප් ගැන අදහසක් නැති අයට ඕක මැජික් වගේ ඇති... අනික ඕක සමූපකාරේ සභාපතිකමත් නෙමෙයි. දුර්වල කළමනාකරණය නිසා පාඩු ලැබුවට ඔය ආයතනය ඉස්සර කොහොමද කියලා දන්න අය දන්නවා. දැන් ඉන්න අය නම් මහ හොරු විසින්ම පත්කරපු අය තමයි...

:       25       21

කිරි පුතා Friday, 29 April 2022 06:30 PM

ආණ්ඩු පෙ⁣රළෙනකොට තමතමන්ගේ හිතවතුන් විශාල සහ නොගැළපෙන පඩිවලට රජ්‍ය ආයතනවලට රිංගවලා ඒ බරත් ජනතාවගේ කර උඩින් තියන මේ විෂම ඔද්දල් ක්‍රමය සම්පූර්ණයෙන්ම රටෙන් තුරන්විය යුතුමයි.

:       0       39

සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 April 2022 07:31 PM

ප්‍රථමයෙන්ම, මේ රටේ පවතින මේ දේශපාලන හොරගුහාව නවතා දැමීම සිදුවිය යුතුයි. මේ තනතුරු සඳහා බඳවා ගන්නේ දේශපාලකයින්ගේ නෑදෑ හිතවතුන් හෝ ගජ මිතුරන්... දේශපාලකයින් හට හිතේ හැටියට රට කන්න ඉඩදෙන කොට, අත්උදව් කරුවන්ටත් රජ මඟුල්... එය තමයි සැබෑ යථාර්ථය...

:       3       36

jaya Friday, 29 April 2022 07:56 PM

ලිට්රෝ වගේ දවසකට කෝටි 40ක් විතර අලවියක් තියෙන සමාගමකට එන සුදුසුකම් ලත් විධායක නිලධාරියෙක් ඔය වගේ පඩියකට වඩා බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ නුසුදුස්සන් පත් කිරීමයි..

:       28       23

RavinathaSaturday, 30 April 2022 07:51 AM

ඇත්ත කියනකොට ඩිස්ලයික් වැඩි වෙනවා. මේ රටේ මෝඩයින්ට ඕනේ රුපියල් තිස්දාහේ පඩියකට වැඩ කරලා විනෝදෙන් ඉන්න පුළුවන් ආයතන සභාපති කෙනෙක්...!

:       11       2

seneSaturday, 30 April 2022 08:06 AM

"සුදුසුකම් ලත් විධායක නිලධාරියෙක්" එකම සුදුසුකම කඩේ යෑම, පඩිය හෝ දීමනා ලාබය මත මිස අලවිය මත... මේවා ලංකාවේ ගොට්ටන්ගේ තියරි..!.

:       0       13

පැරකුම්Saturday, 30 April 2022 03:30 PM

නිලධාරි වැටුුප තීරණය කරන්නේ දවසේ පිරිවැටුප මත නොවේ. එහෙම නම් පෙට්‍රෝලියම් ලොක්කගේ පඩිය කීයක් වේවිද..?

:       1       9

පැරකුම්Saturday, 30 April 2022 05:00 PM

විය(ප)ත් මගේ සාමාජිකයෙක් වීමට වඩා වෙන මොන සුදුසු කමක්ද?

:       0       6

de silva Saturday, 30 April 2022 08:12 AM

මෙම පත්කිරීමත් අපගේ ෆෙල් වුණු ජනාධිපතිගේ එක්තරා වැඩක්...

:       0       6

Prase Saturday, 30 April 2022 09:56 AM

පාරවල් වහගෙන අහිංසක මිනිස්සුන්ගේ ජන ජීවිතයට හානිකරලා වැඩක් නෑ. ඔය ගෝල්ෆේස් ඉන්න උද්ඝෝෂණකාරයින්ට යන්න තියෙන්නේ ඔය තැන්වලට...

:       1       4

de silva Saturday, 30 April 2022 10:01 AM

ලක්ෂ 30ක් ගෙව්වත් කමක් නෑ..., වැඩේ හරියට කලමනාකරණය කරගන්න පුළුවන් නම්... ගෑස් මිලත් ඉහළට, රටේ ගෑස් නැහැ. මෙයාට ලක්ෂ 30ක් ගෙව්වා කියලා කරන දේකුත් නැහැ.

:       0       8

Deepal Nirosh Saturday, 30 April 2022 01:36 PM

ඉතින් මේ අහිංසක ලොකු තැන මිලියන තුනක වැටුපක් ගන්න‍ේ හුදෙක් තමා වෙනුවෙන් පමණක් කියලද මෙයාලා හිතන්නේ? කී දෙනෙක් වෙනුවෙන් ද ඒ මනුස්සයා ඔය වැටුප ගන්නේ. ඒ මනුස්සය තමුන්ට හිමි වැටුප විතරක් අරන් ඉතිරි මුදල වෙන විදියකට බෙදා දුන්නා නම් ඕං කියයි කොමිස් ගැහුවා කියලා. ඒක නීත්‍යනුකූලව කරහමත් කෑ ගහනවා. අනේ මෙහෙම රටක්..!

:       7       2

ranjith Saturday, 30 April 2022 02:13 PM

පන්දම් කාරයෝ දාගෙන රට විනාශ කළා... කෙටි කාලෙකින්. තව ලැජ්ජා නැතිව බලේ ඉන්නවා.

:       0       7

Kumara Saturday, 30 April 2022 04:58 PM

මේ රට හිඟමනට ඇදලා දාලා යන්න වගේ... තව කිසිම දවසක ගොඩගන්න බැරිවිදිහට...

:       0       5

Sisira Saturday, 30 April 2022 05:12 PM

එයාලගේ ලොකු පඩිත් ගෙවන්න වෙලා තියෙන්නේ දුප්පත් අපිට...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 752 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 1505 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 747 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 1085 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1545 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 675 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1308 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1552 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 402 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site