
(යොහාන් භාසුර)
ගෑස් මිල ඉහළ යෑමේ පීඩනය ජනතාව දරාගන්නේ නම් රාජ්‍ය ආයතනයක් වන ලිට්‍රෝ සමාගමේ උසස් නිල දරමින් සුපිරි වැටුප් ලබන නිලධාරීන් ද කැපකිරීමක් කළ යුතු බවත් ඒ සඳහා එම සමාගමේ නිලධාරින්ට බලකිරීමට බලාපොරොත්තු වන බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල බණ්ඩාර මහතා පැවසීය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධානිිිිියකුට මාසිකව රුපියල් ලක්‍ෂ 30 වැනි ඉතාම විශාල වැටුපක් ලබන බවට දැනගන්නට ලැබී ඇති බවත් එවැනි වැටුපක් ලබන්නේ නම් එහි කිසිඳු සාධාරණයක් නොමැති බවත් අසේල මහතා කීය.
මෙම සුපිරි වැටුප්වලට එරෙහිව විරෝධය දැක්වීමට ලිට්‍රෝ සමාගමට එන බව ද අසේල බණ්ඩාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවය කියන්නේ... රටට කරන සේවයක් නොව ඉහළම පඩි ලබාගන්නා රැකියාවකි...!
එයාගෙ එහෙම නං අරයගේ කොහොමට ඇත්ද?
රටින් ගේන දේ සිලින්ඩර වලට පුරවන්න සභාපති කෙනෙක් මොකටද?
මසකට ලක්ෂ 30ක වැටුපක් සභාපතිට ගෙවන්නේ නම් මෙම ආයතනය පාඩු නොලබාවිද? සංස්ථා මණ්ඩල සභාපතිවරුන් ඇතුළු ප්‍රධානින්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ දෙකකට අඩුවිය යුතු බවට ජනාධිපතිවරයා විසින් මීට කලකට පෙර දැනුම්දීමක් කළා නේද? කෝටි ගණනින් පාඩු ලබන මුත් සභාපතිවරුන්ට අධික වැටුප් ගෙවීම සිදුකරන ආයතන බොහෝය. එසේම පාඩුලබන රාජ්‍ය ආයතනයන්හි සේවකයින් සඳහා බෝනස් (ලාභාංශ) බෙදීමත් සිදු කෙරෙන්නේ කෙසේද? රටේ ජනතාවට අධික ජීවන බරක් දැරීමට සිදුව ඇත්තේ මෙවන් තත්ත්වයන් මත බැවින් මේ සම්බන්ධයෙන් පාලකයින්ගේ අවධානය යොමුවිය යුතු නොවේද?
ලංකාවේ ආයතනවල සභාපතිවරුන්ට ගෙවන වැටුප් ගැන අදහසක් නැති අයට ඕක මැජික් වගේ ඇති... අනික ඕක සමූපකාරේ සභාපතිකමත් නෙමෙයි. දුර්වල කළමනාකරණය නිසා පාඩු ලැබුවට ඔය ආයතනය ඉස්සර කොහොමද කියලා දන්න අය දන්නවා. දැන් ඉන්න අය නම් මහ හොරු විසින්ම පත්කරපු අය තමයි...
ආණ්ඩු පෙරළෙනකොට තමතමන්ගේ හිතවතුන් විශාල සහ නොගැළපෙන පඩිවලට රජ්‍ය ආයතනවලට රිංගවලා ඒ බරත් ජනතාවගේ කර උඩින් තියන මේ විෂම ඔද්දල් ක්‍රමය සම්පූර්ණයෙන්ම රටෙන් තුරන්විය යුතුමයි.
ප්‍රථමයෙන්ම, මේ රටේ පවතින මේ දේශපාලන හොරගුහාව නවතා දැමීම සිදුවිය යුතුයි. මේ තනතුරු සඳහා බඳවා ගන්නේ දේශපාලකයින්ගේ නෑදෑ හිතවතුන් හෝ ගජ මිතුරන්... දේශපාලකයින් හට හිතේ හැටියට රට කන්න ඉඩදෙන කොට, අත්උදව් කරුවන්ටත් රජ මඟුල්... එය තමයි සැබෑ යථාර්ථය...
ලිට්රෝ වගේ දවසකට කෝටි 40ක් විතර අලවියක් තියෙන සමාගමකට එන සුදුසුකම් ලත් විධායක නිලධාරියෙක් ඔය වගේ පඩියකට වඩා බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ නුසුදුස්සන් පත් කිරීමයි..
මෙම පත්කිරීමත් අපගේ ෆෙල් වුණු ජනාධිපතිගේ එක්තරා වැඩක්...
පාරවල් වහගෙන අහිංසක මිනිස්සුන්ගේ ජන ජීවිතයට හානිකරලා වැඩක් නෑ. ඔය ගෝල්ෆේස් ඉන්න උද්ඝෝෂණකාරයින්ට යන්න තියෙන්නේ ඔය තැන්වලට...
ලක්ෂ 30ක් ගෙව්වත් කමක් නෑ..., වැඩේ හරියට කලමනාකරණය කරගන්න පුළුවන් නම්... ගෑස් මිලත් ඉහළට, රටේ ගෑස් නැහැ. මෙයාට ලක්ෂ 30ක් ගෙව්වා කියලා කරන දේකුත් නැහැ.
ඉතින් මේ අහිංසක ලොකු තැන මිලියන තුනක වැටුපක් ගන්නේ හුදෙක් තමා වෙනුවෙන් පමණක් කියලද මෙයාලා හිතන්නේ? කී දෙනෙක් වෙනුවෙන් ද ඒ මනුස්සයා ඔය වැටුප ගන්නේ. ඒ මනුස්සය තමුන්ට හිමි වැටුප විතරක් අරන් ඉතිරි මුදල වෙන විදියකට බෙදා දුන්නා නම් ඕං කියයි කොමිස් ගැහුවා කියලා. ඒක නීත්‍යනුකූලව කරහමත් කෑ ගහනවා. අනේ මෙහෙම රටක්..!
පන්දම් කාරයෝ දාගෙන රට විනාශ කළා... කෙටි කාලෙකින්. තව ලැජ්ජා නැතිව බලේ ඉන්නවා.
මේ රට හිඟමනට ඇදලා දාලා යන්න වගේ... තව කිසිම දවසක ගොඩගන්න බැරිවිදිහට...
එයාලගේ ලොකු පඩිත් ගෙවන්න වෙලා තියෙන්නේ දුප්පත් අපිට...