(නිමන්ති රණසිංහ)
පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාගේ නිවසේ අලුත්වැඩියාවකට සේවක පිරිසක් යොදා ගත්තැයි කියන සිද්ධියට අදාළව තවත් නිලධාරින් දෙදෙනකු සේවයෙන් ඉවත් කර ඇතැයි පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.
විශ්ව විද්‍යාලයේ පාලක සභාව ගත් තීරණයකට අනුව මෙසේ සේවයෙන් ඉවත් කර ඇත්තේ පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ වැඩ ඉංජිනේරුවරයා සහ වැඩ අධිකාරිවරයා ය.
මෙම සිද්ධියට අදාළව පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරිවරයාගේ සේවය අත්හිටවූයේ ඉකුත් 30 වැනිදාය.
ලේඛකාධිකාරීවරයාගේ නිවස අලුත්වැඩියාව සදහා රාජකාරි වේලාවේදී විශ්ව විද්‍යාල සේවක පිරිසක් යොදා ගැනීම, ඒ සදහා විශ්ව විද්‍යාල වැඩ දෙපාර්තමේන්තුවට අයත් උපකරණ තොගයක් අනුමැතියකින් තොරව ලබා ගැනීම යන චෝදනා මත සිදුකරන ලද පරීක්ෂණයට අනුව මෙම නිලධාරීන් තිදෙනාගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ප්‍රවණතාවක්. රට වැටෙන්න රටේ පාලකයා වගේම පාලිතයා, රාජ්‍ය සේවකයා වගකියන්න ඕනේ. මොනවා උනත් උඩින් තමයි වැඩේ පටන් ගන්න ඕනේ.
මේක එක් අවස්ථාවක් පමණි... පළාත් පාලන ආයතනවල සැමදා මහජන නියෝජිතයින්ගේ නිවෙස් හා වතුපිටිවල වැඩ කරන්නේම රජයේ වැටුප් ලබන පළාත් පාලන ආයතන කම්කරුවන්‍මයි..
අපොයි, ඕව වැඩද?
විශ්වවිද්‍යාලවලට කථිකාචාර්යවරු බඳවගන්න විදිය, විශ්වවිද්‍යාලවල අධ්‍යයනාංශ වලට ප්‍රධානීන් පත් කරගන්න විදිය, එවා උපකුලපතිවරයාගේ අභිමතය පරිදි වන හැටි දකිනකොට මේවා මොනාද, ඔක්කොටම කලින් විශ්ව විද්‍යාල පරිපාලනය රජය විසින් වඩාත් විනිවිධ ලෙස කල යුතුයි, මහාචාර්ය තනතුරු ප්‍රධානයට ගොනු පරීක්ෂා කිරීමට තම තමන්ට හිතවතුන් පත්කිරීම හා පසුව මහාචාර්ය පදවි අඩුම තරමේ පීඑචිඩී වත් නැති පුද්ගලයන්ට දීම, අනික පශ්චාත් උපාධි එම් ඒ, එම් පීල් ආචාර්ය උපාධි දක්වා උසස් කිරීම, තම තම හිතවතුන් වෙනුවෙන්. මේවාට කවුද වග කිව යුත්තේ
හොරකමට, හොර වැඩවලට උගතාද, බුද්ධිමතාද, මෝඩයාද යන්න අදාළම නැති බව මෙමගින් මනාව ඔප්පු කළහැකි නොවේද? මේ "කාටවත්" මනුෂ්‍ය කමින් පරිපූර්ණ වූ මිනිසුන් විය නොහැකිය.. මේ සියල්ලන්ම නාමිකව මිනිසුන්ය...
මෙම නිවාස ලේඛකාධිකාරිගේ නිල නිවසක්ද? පෞද්ගලික නිවසක්ද? ප්‍රශ්නය එතැනයි...
රට මේ වගේ අරාජිත වෙලා තියෙන්නේ මේ කාලකණ්ණි දේශපාලකයන් නිසා...
උපන් දවසේ ඉදල ඔය වටපිටාවේ හිටපු අපිට ඕවා සාමාන්‍ය දේවල්