
බ්‍රිතාන්‍යයේ වෙළෙඳහලක ස්ටාර්ලිං පවුම් 160ක් හෙවත් රුපියල් 44130කට විකිණීමට තැබූ කොස්ගෙඩියක් ගැන බි.බී.සී පුවත් සේවය වාර්තා කරයි.
එහි සංචාරයක නිතර වූ බී.බී.සී පුවත් සේවයේ මාධ්‍යවේදියකු වූ රිකාර්ඩෝ සෙන්රා හට වෙළඳසලක විකිණීමට තබා තිබූ ස්ටර්ලිං පවුම් 160 ක කොස් ගෙඩියක් නෙත ගැටී ඇත.
ඔහු මෙම කොස් ගෙඩියේ ඡායාරූපයක් ගෙන ඔහුගේ ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමේ සහ ට්වීටර් ගිණුමේ ඇතුළත් කර ඇත.
මෙසේ රුපියල් 44130 කට කොස් ගෙඩියක් විකිණීමට තබා ඇත්තේ බි‍්‍රතාන්‍ය යේ පැරණිතම සහ විශාලතම බරෝ පොදු වෙළඳ සංකීරණයේ වෙළඳසැලක් තුළය. ට්වීටර් පරිශීලකයන් විශාල සංඛ්‍යාවක් මින් විමතියට පත් වී ඇති අතර ඔවුන් පවසා ඇත්තේ නිවර්තන කලාප රටවල සිටින පුද්ගලයන් කොස් විකුණා බිලියන පතියන් වීමේ අදහසින් බි‍්‍රතන්‍ය යට පැමිණෙනු ඇති බවයි.
බොහෝ රටවල ගස්වල තිබෙන කොස් ගෙඩි අපතේ යන විට බි‍්‍රතාන්‍ය යේ කොස් ගෙඩියක් මෙතරම් මිලකට අලෙවි වන්නේ ඇයිදැයි ට්විටර් පරිශීලකයන් ප‍්‍රශ්න කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වරකා... කොස් නෙවෙයි. ලංකාවේ අපිට අගේ නැති වුණාට වෙන අයට වටිනවා.
රටක් විදියට ගත්තොත් අපිට ලෝකේ ඉදිරියට යන්න ගොඩක් දේවල් ස්වභාවයෙන්ම ලැබිලා තියෙනවා. අපේ රටේ කෙසෙල් ගත්තොත් එකිනෙකට වෙනස් රසැති ප්‍රභේධ විසි ගානක් තියෙනවා නේද? විදේශිකයෝ අපෙන් අහන්නේ පුදුමයට පත් වෙලා. කොස්, වැල, වරකා වුණත් එහෙමයි. අපේ රතුවරකා, රෝස වරකා වලින් ඩොලර් උල්පත් මවා ගන්න පුළුවන්. අර ජාතක පොතේ එන මැරුණු මි කුණක් විකුණලා හම්බ කරන්න පටන් ගත්තු තරුණයා ඉතා ධනවත් සිටුවරයෙක් වුණා වගේ කෙනෙක් ඉන්නම ඕනෑ වැඩේ හරියට පටන් ගන්න... තායිලන්තයේ අක්කර ගණන් බිම් සකස් කරලා කෘත්‍රිම ජල සම්පාදනය කරලා කොස් වවන්නේ. ඒ නිසා තමයි ඒ රටවලට මොන හෙනේ ගැහුවත් ඩොලර් හිඟ නැත්තේ. විදේශිකයෝ තායි රටට ආපු ගමන් හොයන්නේ වරකා තියෙන්නේ කොහෙද කියලා. අපේ දේශපාලුවන් නිතරම හිතන්නේ මොකක් හරි යටිකූට්ටු වැඩකින් පොහොසත් වෙන්න මිසක් මේ සම්පත් වලින් නිසි ඵල ප්‍රයෝජන ගන්න නෙමෙයි. එකයි අපේ කරුමේ...