
(ඩයනා උදයංගනී)
මාසිකව රුපියල් ලක්ෂ 80 ක කුලියක් ගෙවමින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය වහාම බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයට රැගෙන යන්නැයි වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා එම අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ.
දැනට ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය පවත්වාගෙන යන්නේ ගමේ මිනිසෙකුට ඒමට හෝ නොහැකි තැනක බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.
රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා මේ බව පවසා ඇත්තේ එම අමාත්‍යාංශයේ දී පෙරේදා (17) වැඩ බාරගැනීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදීය.
මෙම අමාත්‍යාංශයේ ඇමැති මණ්ඩල කාර්යාලය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ 37 වැනි මහලේත්, අමාත්‍ය කාර්ය මණ්ඩලය එහි බටහිර කුළුණේ හය වැනි මහලේත් ස්ථාපිත කර ඇති අතර එයට මාසිකව රුපියල් ලක්ෂ 80 බැගින් ගෙවමින් ඇතැයි එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙතරම් මුදලක් ගෙවා එහි සිටීම ගැන අමාත්‍යාංශ නිලධාරීන් ලැජ්ජා විය යුතු යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසූ බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
තමන් ජාතික ධනය විනාශ කිරීමට සූදානම් නැති බව ද ප්‍රසන්න රණවීර මහතා මෙහිදී පවසා තිබේ.
මෙම කාර්යාලවලට කුලිය ගෙවන මුදලින් මසකට ස්වයං රැකියා 80 බැගින් ලබාදිය හැකි බව ද සඳහන් කර ඇති රණවීර මහතා මහපොළවට බැස වැඩකිරීමට බැරි අය අමාත්‍යාංශයේ සිටීනම් ඔවුන් තීරණයක් ගත යුතු බවත්, එවැනි අය සමඟ ඉදිරියට යා නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ බව ද එම ප්‍රකාශකයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසන්න, අපි අගය කරනවා ඔබේ බුද්ධිමත් තීරණයට... මේක ලොකු ආදර්ශයක් රටට...
ඔබ ඉතාමත්ම ආදර්ශමත් නායකයෙක්. මේ රටේ සිටිය යුත්තේ ඔන්න ඔය වගේ තීන්දූ තීරණ ගන්න දේශපාලකයින් තමයි. ඔබට හැකිනම් පුද්ගලික යෝජනාවක් ලෙස හරි ලබාදෙන වාහනයේ උපරිම වටිනාකම ලක්ෂ 50කට සීමා කරවන්න. ලක්ෂ 50ක් දෙනකොට හොඳ සුඛෝපභෝගී වාහනයක් ගන්න පුලුවන්. කවදාවත් වැරදි වැඩ කරන්න එපා. නියම සහතිකය දෙන්නේ ජනතාව තමයි. ගරුත්වය බලෙන් ලබා ගන්න බැහැ. ඔබේ ආරම්භය හොඳයි. ඔබට ජය...!!!
ගරු පාර්ලිමේන්තුවේ ගරු මැතිවරුන්ට සහ එහි ආරක්ෂාවට පැමිණි ගරු පොලිස් නිලධාරින්ට මිරිස්කුඩු ගහපු එක නම් අපිත් අනුමත නොකරමු...
මාසයකට මිලියන ගණන් කුලී ගෙව ගෙවා ඉන්නේ නැතිව කොළඹ තිබෙන රජයේ ඉඩමක හෝ තිබෙන පුද්ගලික ඉඩමක් ජරයට පවරාගෙන, විශාල තට්ටු ගොඩනැගිල්ලක් හදලා අමාත්‍යාංශ සියල්ල එකම තැනකට ගේනවා නම් වැඩකටයුතු පහසුයි නේද? ඉදිරියට රජයට විශාල මුදලක් ඉතුරු වෙනවා නේද?
මිරිස්කුඩු කේස්එකට නෙවෙයි ප්‍රසන්න ඇමතිතුමා මට එපාවුනේ අර කතානායක අසුනට වතුර දැමිල්ලෙන්... නමුත් මේ වගෙ රියල් වැඩ නම් නියමයි. ඔය එක ඇමතිතුමෙකුට වත් ඔහොම දේවල් හිතුණේ නැහැනේ... සුබ ගමං ආ. ඔහොම යං...
ලක්ෂ 80ම මිරිස් කුඩු ගෙනාවා නම් මරු...
ලකුණු දාගන්න රාජපක්ෂලාගේ ගැට ඕවා..
අපි මෙතුමාට හිනා වුණා මැටි ඇමති කියලා. ඒත් වැඩ ඒ වගේ නෙවෙයි කියලා, පේනවා. වැඩේ හරියට කරනවා නම් පක්ෂ පාට, බේදයෙන් තොරව අගය කළ යුතුයි. මෙතුමා උගතෙක් යැයි කීමට අධ්‍යාපන සුදුසුකම් සපුරා නොතිබුණත් ප්‍රායෝගික වැඩ අතින් බුද්ධිමතෙක් බව පෙනේ. අවංකවම තම උත්සාහය තම අමාත්‍යාංශය දියුණුකරන්න. ජනතා සේවය නම් අපි ඔබට ගරු කරනවා. මේ ලොව ලස්සන කල බුද්ධිමතුන් නොවූ බොහෝ පොඩි මිනිසුන් ඇත...
කරොත් කරන්නේ මැටි වැඩක්ම තමයි.
කවුද මාසෙට ලක්ෂ 80ක් ගෙවන්නෙ කාර්යාල පරිෂ්රයකට? අනිත් ඒ අමාත්‍යාංශවලත් මෙහෙම වෙන්න ඇති. කවුද මේවා තීරණය කරන්නේ කියලා මුලින්ම හොයන්න. දැන් අපිට තේරෙනවා මිනිස්සුන්ගේ බදු මුදල් වැය කරන්නේ මොනවගේ දේවල් වලටද කියලා. හිතා ගන්නවත් පුළුවන් මුදලක්ද ලක්ෂ 80ක් මාසෙට කුලිය කියන එක...
අයියෝ, අපේ බදු මුදල් වැය කරලා තියෙන්නේ මේ වගේ වැඩක් නැති ලක්ෂ 80 ගණන් ගෙවන්නනේ. මේක රටට හෙලිකිරීම ගැන ස්තුතියි. මේ වගේ තව අමාත්‍යාංශ කීයක් ඇද්ද? මේවායින් වන සේවාවන් මේ තරමට විටනවද? සත 5ක වැඩක් නැති ඒවත් තියෙනවා. අනේ අපේ සල්ලි...
රටේ තරුණ තරුණියන්ට විශාල ලෙස රැකියා ලබා දිය හැකි ඉතාමත් අගනා විෂයයන් ටිකක් ලැබී තියනවා. මාවනැල්ල, ගඩලාදෙණිය, පානදුර, වාද්දුව, කතරගම, උතුර, දකුණ කොහේ ගියත් ඔබේ අමාත්‍යාංශයට සම්බන්ධ වැසියන් ඉන්නවා. මේ වගේ කර්මාන්ත වලින් වැඩ ගන්න හැටි පිටරටකදී දකින්න ඕනෑනම් බොම්බායට විතරක් ගියත් කෙනෙකුට පිස්සු හැදේවි. වසරකට වරක් හොඳ ප්‍රදර්ශනයක් තබා තරුණයින් දිරිමත් කරන්න. ඔබ පොඩි දේකින් පටන් ගත්ත එක වටිනවා. දේශීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යංශය වගේ නමක්...?
මාසෙට කුලිය ලක්ෂ 80 ක්... මේ ලංකාවේද... වෙන රටකද?
බොහෝ දෙනෙක් පටන් ගන්නවා තමයි. බලමු පස්සේ...
කුලිය කැරකිලා කාගේවත් සාක්කුවට යයිද දන්නේ නැහැ..
එතකොට ‘‘අපේ ගම‘‘ පරිසරයට එන්න කීයක් යනවාද? මෙයා පාර්ලිමේන්තුවේ,.. මෙච්චර කල් ඉඳලා ඔහෙයි, එජයෙයි කාර්යාල තියෙනවා කියලා දන්නේ නැද්ද?
කොච්චර කාලෙකටද දන්නේ නැහැ. කොහොමද කොස්ස අලුත් පිට හොඳට අතුගෑවෙනවනේ.. පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න. කොස්ස දිගටම හරියට අතුගායිද කියලා...
මෙම මහජන නියෝජිතයාගේ මෙම තීරණය අප හදවතින්ම අගයන්නෙමු. ඇත්තෙන්ම ගතයුත්තේ මෙවන් තීරණ මෙන්ම එමගින් අනෙකුත් නිලධාරීන්ට මහජන මුදල් කාබාසිනියා කිරීමේදී අඩුවශයෙන් හිරිකිතයක්වත් දැනීමට මෙය හේතුවන බව අපගේ විශ්වාසයයි.
වේවැල්, පිත්තල, මැටි භාණ්ඩ ඇමැති කමම අහෝසි කළොත් කීයක් ඉතුරු කරගන්න පුළුවන්ද?
ඔය අමත්යාංශෙ ඔතන අටවපු කෙනා කව්ද දන්නෑ.. ඉතාම හොඳ බුද්ධිමත් තීරණයක්. මේ විදිහට දිගටම ගියොත් ඊළඟ පාර අපිත් ඡන්දෙ දෙනවා.. අනිවා..
ඒ ලක්ෂ 80 වෙනුවට තව කීයකට මෙයා තට්ටු කරයිද? මෙයා තව අවුරුදු 5ක් යනකොට එක්කාසු කරගත්තු දේපල හෙව්වා නම් තෝරගන්න තිබ්බා. මේ අපිව අන්දන්න හදන්නේ මොකටද කියලා..?
මමත් පෞද්ගලිකව ඔබට අමාත්‍ය ධුරයක් දීම සම්බන්ධව කිසිඳු පැහැදීමකින් නෙවෙයි හිටියේ... නමුත් එවෙලේම මට සිතුණු දෙයක් තමයි, ඔබ මේ ධුරයෙන් යම්කිසි වැඩක් කරයි කියන එක... ඔබේ ආරම්භය ඉතාමත්ම හොඳයි... සමහර අදහස්වලින් පේනවා ඒ අය හැමදාම ඉන්නෙ අසුබවාදි අදහස් එක්ක කියලා.. කවුරු මොනවා කිව්වත් මේ අමාත්‍යාංශය තරම් වටින තවත් එකක් නැති තරම්, අපේ රටේ ඉන්න දක්ෂයින්ගෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න වෙහෙසුනොත් ඔබතුමා දිනුම්... ගොඩක් දක්ෂයින් ඉන්නවා ඒ අයට ප්රාග්ධනය නැති නිසා නිෂ්පාදන කරගන්න විදිහක් නෑ.. ඒ අයට අඩු පොළියට ණයක් ලබා දෙන්න කටයුතු කරන්න. ඒක ඔබට කළ හැකියැයි මා විශ්වාස කරනවා. ඔබ නැති කරගත්ත ඔබේ නම ඔබම යලිත් ඇති කරගන්න. ඔබට ජය!!!
රජය විසින් බදු අරගෙන තිබෙන පුද්ගලික ගොඩනැගිලි වල බදු මුදලෙන් 10% කොමිස් එකක් ඇමැතිට ලැබෙනවා. මෙම ගොඩනැගිලිවල මාසික කුලිය මිලියන 5-20 අතර අගයක් ගන්නවා. මේවා රජයේ ගොඩනැගිලි වලට ගෙන ගියහොත් කොමිස් නොලැබෙන නිසා කවුරුත් උනන්දුවක් දක්වන්නේ නැහැ.
ලංකාව කියන ඉතා පුංචි දූපතේ මන්ත්‍රී 225න් එක්අයෙක් වන මොහුව ආදර්ශයට ගන්න.