( සිතුම් චතුරංග)
මන්නාරම ,පේසාලේ ප්‍රදේශයේ නිවසක හා පාළු ඉඩමක්තුල වළදමා තිබූ රුපියල් ලක්ෂ අසූවක් වටිනා කේරළ ගංජා 50යි ග්‍රෑම් 780 ක් සමඟ පුද්ගලයකු අද (03) අලුයම ගොඩගත් බව මන්නාරම පොලිසිය කියයි.
මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ දහයයි ග්‍රෑම් 780ක් සැකකරු පදිංචිව සිටි නිවසෙහි සඟවා තිබියදී සොයාගත් බව පැවසීය.
අනෙක් කේරළ ගංජා කිලෝ 40 ප්‍රමාණය පේසාලේ ප්‍රදේශයේ සුසාන භූමියක් අසල වලදමා තිබියදී සොයාගත් බවද පැවසීය.
අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් කිසියම් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කොට තිබියදී සොයාගත් බවට තොරතුරු අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.
සැකකරු මන්නරම පේසාලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක පුද්ගලයකු වේ.
අත්අඩංගුවටගත් සැකකරු හා කේරළ ගංජා තොගය මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මන්නාරම පොලිසිය හා පේසාලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 80 ක කේරළ ගංජා මන්නාරමේ ඉඩමකින් ගොඩට