
(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය මුරුසමොට්ටෙයි ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ 75කට අධික කේරළ ගංජා කිලෝ 50 ක් සමගින් කාන්තාවක අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
කිලිනොච්චි පොලීසිය ලද තොරතුරකට අනුව මුරසමොට්ටෙයි ප්‍රදේශයේ කළ හදිසි සෝදිසි වැටලීමකදී මෙම ගංජා තොගය හමුවී ඇත.
අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් යාපනයට රැගෙනවිත් මෙලෙස මුරුසමොට්ටෙයි ප්‍රදේශයේ නිවසක සඟවා වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට උත්සහ දරා ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ භයානකකම තියෙන්නේ ඉන්දියාවෙන් එන අයට කෝවිඩ් තිබ්බොත් රටම අනතුරේ...
උතුරෙන් දකුණට.. ඔය ගංජා මාර්ගයෙන් ජාතික සමගිය වර්ධනය වෙගෛන එන්නේ... අල්ලන්න එපා.