
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදි මිලදී ගන්නා මුවාවෙන් ගොස් ඉතා සූක්ෂම අයුරින් රුපියල් ලක්ෂ 50 කට ආසන්නව වටිනා යතුරු පැදි අටක් සොරා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු එම වංචා ට යොදා ගත් ජංගම දුරකථන දෙකක් ,සිම්පත් හතරක් පොලිස් බාරයට ගෙන ඇත.
හෝමාගම කොට්ටාව කැස්බෑව පිළියන්දල හා කහතුඩුව පොලිස් වසම්වල මෙම සොරකම් සිදු කර ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදි විකිණීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඇති ස්ථාන සොයා ගොස් යතුරුපැදිය පරික්ෂා කරන මුවාවෙන් මෙම සොරකම් සියල්ල සිදුකර ඇතැයි පොලිසිය කියයි.
බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාශයේ පොලිස් සැරයන් 60161 වසන්ත නිලධාරියාට සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව අත්අඩංගුවට ගෙන තිබිණි.
එලෙස සොරාගත් යතුරු පැදි බොරලැස්ගමුව පිලියන්දල ආදී ප්‍රදේශ වල යතුරුපැදි විකුණන ස්ථාන වලට අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
තවත් යතුරු පැදියක කොටස් සැකකරු පදිංචි පිළියන්දල මකුළුදූව නිවසේ සඟවා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
සැකකරු එම යතුරු පැදි විකුණා ඇත්තේ ඊට අදාළ ලිපි ලේඛන නැති වූ බව පවසමින් පොලිස් පැමිණිලි වාර්තාවක් ද ඉදිරිපත් කරමින් බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වූවෙකි.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 50 යතුරු පැදි සොරා මාට්ටු