(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රුපියල් ලක්ෂ 33කට අධික අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

පොලිස්   විශේෂ කාර්ය  බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව  මුල්ලේරියාව පොලිස් වසමේ අංක 435/14 සී, හිබුටාන පටුමග, මුල්ලේරියාව ලිපිනයේ දී වැටලීමක් සිදු කර ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක් විද්යුත් තරාදියක් සහ ජංගම දුරකථනයක් සමග  අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේන් උපයාගත් රුපියල් 102,500 සහ විදෙස් රටවල භාවිතා කරණු ලබන මුදල්  නෝට්ටු 104ක් හා යතුරුපැදියක් සමග මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානයට භාර දී ඇත.