(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මරදාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික මුද්‍රණ ආයතනයකින් මුද්‍රණය කරන ලද රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුද්‍රිත පෝරම තොගයක් අදාල ආයතන වලට බාර නොදී බෝතල් පත්තර කඩවලට විකුණූ බව කියන එහි සේවකයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි.
මුද්‍රණ කටයුතු සඳහා භාරදුන් ආයතනයක් විසින් ඔවුන් ලබාදුන් ඇනවුම් වලට අනුව පොරොන්දු වූ දිනය ද ඉක්මවා ගියත් මෙතෙක් පෝරම තම ආයතනයට නොලැබුණු බව මුද්‍රණාලය හිමිකාරිය වෙත කරන ලද දැනුම්දීමකට අනුව හිමිකාරිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී මුද්‍රණාලය මඟින් ලබාදුන් පෝරම තොගය මරදාන බොරැල්ල ආදී ප්‍රදේශවලට බෝතල් පත්තර කඩවලට කිලෝ ගණනින් වරින්වර විකුණා රුපියල් රුපියල් 3000 ,4000 ආදී වශයෙන් වරින් වර රුපියල් විසි දහසක් පමණ මුදලක් ලබා ගත් බවට අනාවරණය වී යැයි ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලක්ෂ 30ක මුද්‍රිත පෝරම බොතල් පත්තර කඩේට විකුණලා