IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 10ක කහ මග්ගොන මුහුදු තීරයෙන් මතුවෙයි

(ඉන්දිකා රාමනායක)

රුපියල් ලක්ෂ  10  වැඩි වටිනා කමකින් යුතු වියලි කහ තොගයක් පයාගල   මග්ගොන මුහුදු වෙරළේ තිබී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් කහ තොගය අතර කිලෝ 170 ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

විදේශ රටක සිට ආනයනය කර තිබූ මෙම කහ තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානමක් සූදානමක් ඇති බවට විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කඳවුරට ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් පයාගල පොලිස් වසමට අයත් මග්ගොන මුහුදු ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම කහ තොගය අත්අඩංගුවට ගෙන ඇත 

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ,කළුතර කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල රත්නායක මහතාට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අළුත්ගම කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ජේ.ඩී.ඩබ්.එස්. ජයකොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කළ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

 මෙම කහ තොගය මෝටර්  රථයකින්  ප්‍රවාහනය කිරීමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර  එම සැකකරුවන්    මිරිස්වත්ත, , උඩුගම්පල ප්‍රදේශවල  පදිංච් කරවන්දබවද  පැවසේ.

අත්අඩංගුවට සැකකරුවන්  හා කහතොගය  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පයාගල පොලිස් ස්ථානය වෙත වෙත භාර දී ඇත.

 



අදහස් (0)

ලක්ෂ 10ක කහ මග්ගොන මුහුදු තීරයෙන් මතුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 165 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 370 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site