
(අංජුල මහික වීරරත්න)
කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය වෙනුවෙන් ජපාන රජයේ ආධාර ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දෙරට අතර පවතින දිගු කාලීන සහයෝගිතා පසුබිම අනුව කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් යෙන් මිලියන 463 ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය වෙනුවෙන් ජපන් යෙන් මිලියන 500ක් වශයෙන් ජපන් යෙන් මිලියන 963 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.94ක්) ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟකාව පළ කර ඇත.
කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික සහාය ලබා දීමට නියමිත අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විමර්ශන, නිරීක්ෂණ සහ අධීක්ෂණ ක්‍රියාකාරකම් සඳහා ඩ්‍රෝන යානා සැපයීම සඳහා ආධාර ලබා දීමට ද නියමිත ය.
ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී ජපානයේ සිදු කිරීමට නියමිත රාජ්‍ය සංචාරය අතරතුරදී මෙම ව්‍යාපෘති වලට අදාළ හුවමාරු පත්‍ර සහ අනෙකුත් ලියවිලි අත්සන් තැබීමට නියමිතව ඇති අතර, ඒ අනුව, ඉදිරි පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකාවට කිරි උතුරවන්න ජපානෙන් උදව්වක්
Neel Tuesday, 16 September 2025 05:12 PM
රටට ආදරය කරන ජනපතිට අපගේ පරිනාමය
ගුණරත්න Wednesday, 17 September 2025 08:32 AM
කිරි උතුරවන්න නම් ඉතින් මස් පිණිස සතුන් මැරීමත් කරන්න වෙනවා.ඉන්දියාව හරක්මස් අපනයනය කරන රටක්. ගවයා දේවත්වයෙන් වන්දනා කලාට ඒ මිනිස්සුන්ගේ මොලේ හොඳයි. අපේ මොට්ටයෝ එහෙම දෙයක් තේරුම් ගන්න බැරි උන්.