
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව අවට තවදුරටත් මිලිටරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ලංකාව ඇමරිකා එක්සත් ජනපදයෙන් සහතිකයක් ලබා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියන් සාගර සුවිශේෂී ආර්ථික කලාපයේ (EEZ) ඇමරිකා සබ්මැරීනයක් මගින් ඉරාන නෞකාවක් ගිල්වා දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දිගින් දිගටම නිහඬව සිටීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය කනස්සල්ල පළ කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් සාගර සුවිශේෂී ආර්ථික කලාපය ලාංකික වාණිජ අවශ්‍යතා කෙරෙහි ද අහිතකර බලපෑමක් ඇති කරන යුද කලාපයක් බවට පත් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්ය.
මෙවැනි කාරණා නිසා ජීවන වියදම වැඩිවීම ඇතුළුව රටේ ආර්ථිකයට බලපාන නැව්ගත කිරීමේ පිරිවැය සහ රක්ෂණය ගාස්තු වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෝර්පීඩෝ (Torpedo) එකක් මුහුද තුළ පිපිරෙන විට මුහුදු ජීවිතයටත් පරිසරයටත් දැඩි හානියක් සිදුවිය හැක. ප්‍රධාන කරුණු කිහිපයක් මෙන්න: 1. මුහුදු ජීවීන්ට සෘජු හානි පිපිරීමෙන් ඇතිවන බලවත් පීඩන තරංග (shockwave) නිසා ළඟ ඇති මාළු හා කුඩා ජීවීන් ක්ෂණිකව මිය යා හැක. තලපත්, ඩොල්ෆින් වගේ සත්වයන්ගේ කන් හා අභ්‍යන්තර අවයව වලට හානි වෙන්න පුළුවන්. මාළු බීජ, ලාර්වා, වගේ කුඩා ජීවීන් විශාල ප්‍රමාණයකින් විනාශ විය හැක. 2. කොරල් රීෆ් (Coral reefs) හා මුහුදු පතුලට හානි පිපිරීමෙන් කොරල් කැඩී බිඳී යාම සිදුවෙයි. මුහුදු පතුලේ වැලි හා මඩ ඉහළට ගැලවීම නිසා ජීවීන්ගේ වාසස්ථාන විනාශ විය හැක. එවැනි පරිසර පද්ධති නැවත යථා තත්ත්වයට පත් වීමට වසර ගණනාවක් ගත විය හැක. 3. අධික ශබ්දය (Underwater noise) පිපිරීමෙන් ඇතිවන අධික ශබ්දය නිසා මුහුදු සත්වයන් බය වී පලා යාම හෝ මඟ වැරදීම සිදුවිය හැක. ඩොල්ෆින්, තලපත් වගේ සත්වයන්ගේ සංවේදන පද්ධතියට හානි විය හැක. 4. අපද්‍රව්‍ය හා දූෂණය පිපිරීමෙන් පසු ලෝහ කැබැලි සහ රසායනික අවශේෂ මුහුදු පතුලේ ඉතිරි විය හැක. ඒවා දිගු කාලයක් ජලය හා පරිසරය දූෂණය කළ හැක...
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ලෝකයේ බලගතු රාජ්‍ය නායකයින් කරන ඉල්ලීම් තුට්ටුවකට ගණන් නොගන්නා ට්‍රම්ප් අපි වගේ පුංචි රටක් කියන දේ පිළිපදී කියලා හිතනවද?
මෙහෙමයි ඔය කයිවාරු ගහන අනිකුත් පක්ෂ ඇමරිකා තානාපති ළග උත්ගෝෂණයක් උපවාසයක් කළා නම් හරිනේ බොරු බයිලා... ගහන්නේ..