(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා හමුදාව ලොව විනයගරුකම හමුදාව යැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (2) පැවැසීය.
කලකදී ශ්‍රී ලංකා හමුදාවට ලොව විනයගරුක හමුදාව යැයි කී පිරිස් අද අපේ හමුදාවන්ට චෝදනා කරන්නේ යැයි ද හෙතෙම කීය.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා එම කරුණු සඳහන් කළේය.
ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය කලාපයේ තිබෙන හොඳම ආරක්ෂක විද්‍යාලය යැයි කී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මෙරට තිබෙන විනයගරුකම විශ්ව විද්‍යාලය ද එය යැයි කීය.
විනය නොමැතිව කිසිදු අධ්‍යාපනයක් කළ නොහැකි බවත් එපමණක් නොව දැනුමේ කේන්ද්‍රස්ථානයකින් එහා ගිය ශ්‍රී ලංකාව ප්‍රඥාවේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතු බව ද කීවේය.
එහිදි අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මෙසේ ද කීය.
“අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳව ගැටලු රැසක් තිබෙනවා. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳව අපි වැඩියෙන් අවධානය යොමු කර තිබෙනවා. සයිටම් ප්‍රශ්නයට මූලික වූයේත් එයයි. ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහාත් පිළිගැනීම සඳහාත් අපි පියවර ගෙන තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී එවැනි ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ අනාගතය අඳුරු නොවීමට වග බලාගත්තේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය බව ද අපි සිහිපත් කළ යුතුයි”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් ෆොන්සේකා නියම මගට පහුණු කල හමුදාවනේ..
දේශපාලකයෝ නම් දූෂිතයි.
දෙපත් නයි වගේනේ වැඩ කරන්නේ...
හමුදාව විනයගරුක බව හරි, ඔබ කොහොම කෙනෙක්ද?
මේ වගේ කෙනෙක්... හමුදාවට සහතික දෙන්න කවුද?
එතරම් විනයගරුක හමුදා නිලධාරීන් වෙනතැනක උපාධි ප්‍රධානෝත්සවයට විනයක්, හැදියාවක් නැති එක ප්‍රතිපත්තියක් නැති සල්ලිවලට ප්‍රතිපත්ති මාරුකරන මේ වගේ දෙපිටකාට්ටුවන් ගෙන්නුවේ මොකටද?
සරලයි... ප්‍රතිපත්ති හදන අය ළඟ ප්‍රතිපත්ති නැහැ..