
(අංජුල මහික වීරරත්න)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපයේ 78 වන සමුළුවට මෙරටට පැමිණි විදෙස් සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ මෙරට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස -නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහත්වරුන් අතර සාකච්ඡා කොළඹදී පැවැත්විණි.
මාලදිවයින් සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල්ලා නසීම් ඊබ්‍රහිම්, තායිලන්තයේ මහජන සෞඛ්‍ය අමාත්‍ය H.E. Pattana Promphat,ටිමෝර් ලෙස්ටේ (Timor Leste) හි ආයතනික සෞඛ්‍ය ශක්තිමත් කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය ජෝස් ඩොස් රීස් මැග්නෝ මහත්වරු ඒ අතර වූහ.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව විශේෂ ඇගයීමකට ලක් කළ විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් හා නියෝජිතයින් එම සේවාව අඩු පිරිවැයකින් ගුණාත්මක පවත්වා ගෙන යාම පිළිබඳව තම ප්‍රසාදය පළ කර සිටියේ ය.
ශ්‍රී ලංකාව ඉතා මිත්‍රශීලි රටක් බව පෙන්වා දුන් විදේශීය නියෝජිතයන් මෙරට සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් ලබා දිය හැකි සහය නිබඳව ලබා දීමට කටයුතු කරන බව පවසා සිටියේ ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්ටකො ඉතිං, 70 වසරක සාපය යටතේ රටේ සෞඛ්‍ය සේවය හොඳ තැනකට තියෙනවා කියලා මේ විදෙස් නියෝජිතයෝ කියන හැටි. මෙයාලා රනිල්ගෙයි, මහින්දගෙයි කොන්තරාත් එකක් කරනවා වත් ද? නලින්ද ඇමැති ඉදිරියේ තබාගෙන මෙහෙම වර්ණනා කරන්නේ...?
පුදුමයක් නොවේ විදෙස් සුව ඇමැතිලානේ එහෙම කියන්නේ? පුර්ව දැනුම් දීමකින් තොරව ඇවිත් ලංකාවේ රෝහලක වාට්ටුවකට ගොඩ වැදුණා නම් ඔය මතය අංශක 180 කින් වෙනස් වෙනවා
අනිවාර්යයෙන් මේ ගොල්ලට නොමිලයේ බෙහෙත් කරන රජයේ රෝහලක් කියලා පෙන්වන්න ඇත්තේ මුදල් ගෙවලා සේවය ලබා දෙන රජයට අයත් ජයවර්ධන පුර රෝහල වෙන්න ඕනේ...
ඔය සෞඛ්‍ය ඇමතිවරු දන්නේ නැතිව ඇතිනේ ජවිපෙ සෞඛ්‍ය සේවයට කරපු සේවාවන් ගැන... උදාහරණයක් වශයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමිය ඝාතනය කිරීම වගේ වැඩ ගැන මොකුත්ම දන්නේ නැතිව ඇතිනේ... දන්නේ නැති අය ග්ලැඩිස් ජයවර්ධන කවුද කියලා හොයා බලන්න.