IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ ව්‍යාපෘතියකට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 8ක්

(අංජුල මහික වීරරත්න)

වැඩි දියුණු කළ ජෛව විවිධත්වය සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථීක ප්‍රතිසාධනය පෝෂණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, යුරෝපා සංගමය සමඟ එක් ව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත් වල ජෛව විවිධත්ව සංරක්ෂණය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පිළිබඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් සකස් කර ඇත.

හායනය වූ පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, ඉලක්ක ගත සංරක්ෂණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහ තිරසර ඉඩම් පරිහරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මඟින් ඉහළ වටිනාකමක් සහිත ජෛව විවිධත්ව ස්ථාන ආරක්ෂා කිරීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණකි. 

තවද, තෝරාගත් පළාත් පාලන කොට්ඨාස වල තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ක්‍රියාත්මක කිරීම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රාදේශීය ප්‍රජාවන්, රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශ සඳහා ධාරිතා සංවර්ධනය කිරීමේ වැඩසටහන් පැවැත්වීම ද මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරේ. 

අදාළ ව්‍යාපෘතිය යුරෝපා සංගමයේ යුරෝ මිලියන 8ක ප්‍රදානයක් මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රදානය ලබා ගැනීම සඳහා වන මූල්‍ය ප්‍රදාන ගිවිසුමට යුරෝපා සංගමය සමඟ අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

ලංකාවේ ව්‍යාපෘතියකට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 8ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site