ලංකාව පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන්රථ 132 ක් ලබා දීමට සෞඛ්‍ය හා පෝෂණ වෛද්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 18 වැනිදා නිල වශයෙන් මෙම ගිලන් රථ බෙදා දීමේ උත්සවය පස්වරු 2 ට කොළඹ මහනගර සභා භූමියේදී පැවැත්වීමට නියමිතය.
එංගලන්තයේ “ෆොර්ඩ්” සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ 132 සදහා වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි.
මෙවැනි ගිලන් රථ 250 ක් රෝහල් වලට බෙදා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇති අතර, තව ද ජර්මනියේ බෙන්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 100 ක් ද, දිවයින පුරා රෝහල්වලට බෙදාදීමට පියවර ගෙන තිබේ.
දැනට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් රෝහල්වලට බෙදා දී තිබෙන අතර මෙවර බෙදාදීමට නියමිත ෆොර්ඩි වර්ගයේ ගිලන් රථ පළාත් සභා රෝහල් 103 කට ද, මධ්‍යම රජයේ රෝහල් 27 කට ද ආයුර්වේද දෙපාර්තමේන්තු රෝහල් 02 කට ද ලබා දීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
(36698)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා එංගලන්තයේ සහ ජර්මනියේ නිෂ්පාදිත නිසා කරන්ට් වදින්නේ නැතුව ඇතිනේ?
ඉන්දියාවෙන් නිකන් ලැබුණා කියපු ඒවාට මොකද වෙන්නේ ඒවා කබල්ද?
මේ වාහනවලට අමතර කොටස් හරිම ගණන්. ජපන් වාහන වගේ නෙමේ. තව මාස 2,3 ක් යනකොට ඔය වාහන ටික කොට උඩ තියෙන හැටි බලාගන්න පුළුවන්.
කැප් ඔබ හරි... මම සීට් 9 ෆෝර්ඩ් ට්‍රාන්සිට් කස්ටම් වාහනයක් ඇති කෙනෙක්. නඩත්තුව හරියට කෙරුවොත් කිමී 500000 ලෙඩක් නැතුව දුවන්න පුළුවන්... අපේ මිනිස්සු සැම දේම බලන්නේ පාට කණ්ණාඩිවලින්...