(හර්ෂණ තුෂාර සිල්වා)
ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමටත් ආරක්ෂාව තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාව සහ රුසියාව එකඟතාව පළ කළ බව දෙරටේ විදේශ අමාත්‍යවරු අද (14) ප්‍රකාශ කළහ.
දෙදින නිල සංචාරයක නිරත වූ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් මහතා සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව පැවසූහ.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම සඳහා ආයුධ සහ උපකරණ ලබාදීමට පියවර ගන්නා බව ද මෙහිදි අදහස් දැක්වූ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් මහතා කීය.
“ශ්‍රී ලංකා හමුදාවට ඔවුන්ගේ සතුරන් හා සාර්ථකව සටන් කිරීමටත් ඔවුන්ගේ ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීමටත් අපි ආයුධ සහ උපකරණ සපයනවා. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරටේ තිබෙන සහයෝගීතාව තවදුරටත් පවත්වාගෙන යනවා” යැයි ද රුසියානු විදේශ අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකානු සම්බාධක නොතකා ලංකාවට යුද ආයුධ හා අමතර කොටස් සපයන්න එකඟ උනා කියලා දැනගන්න ලැබුනා. විශිෂ්ඨයි රුසියාව විශිෂ්ඨයි.