(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානක බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩීසල් ඇත්තේ දින 4කට පමණක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඩීසල් මෙටි්‍රක් ටොන් 22,000ක් මේ වන විට රට තුළ තිබෙන බවත් තවත් ඩීසල් තොගයක් රැගත් නෞකාවක් හෙට (2) සවස පැමිණීමට නියමිත බවත් ඇමතිවරයා කීවේය.
මේ වන විට රට තුළ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම් නිර්මාණය වී තිබෙන්නේ ජනතාව වෙනදාට වැඩි ප්‍රමාණයන්ගෙන් ඉන්ධන ලබාගැනීම නිසා බවත්, ඒ හේතුවෙන් දිනකට උපරිමය ලෙස ඩීසල් නිකුත් කරන්නේ මෙටි්‍රක් ටොන් 5,000ක් බවත් අමාත්‍යවරයා පැවසීය.
එම ප්‍රමාණය ඉදිරියේදී මෙටි්‍රක් ටොන් 3,000ක් දක්වා සීමා කිරීමට සිදුවන බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනි.
ඉන්දියානු ණය පහසුකම් නිසා මාරතු අග සිට සිට අප්‍රේල් අග දක්වා ඉන්ධන හා ඖෂධ ලබාගත හැකි බැවින් යම් සහන කාලයක් ලැබෙන නමුත් එම ණය වසරක් වැනි කාලයක් තුළ ගෙවීමට රජයට සිදුවන බව ඇමතිවරයා කීවේය.
ආණ්ඩුව ඉදිරිපත් වී ඉන්ධන ගෙන්වීමට සහනයක් ලබාදෙන්නේ හෝ තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන්නේත් නැතිනම් සහ බැංකුවලින් ණය ගන්නත් බැරිනම් ඉදිරියේදී අඛණ්ඩව තෙල් ගෙන්වන්නේ කෙසේද යන්න ගැටලුවක් බව කී ඇමතිවරයා එවැනි සහන නොමැතිව අඛණ්ඩව ඉන්ධන ලබාදිය හැකි ක්‍රමයක් කවුරුන් හෝ කියාදෙන්නේ නම් තමන් එය ක්‍රියාත්මක කරන්නට සූදානම් බව ද කීවේය.
මේ සියල්ලට මුල ඩොලර් හිඟය බැවින් ණය පහසුකම් ගැනීම මෙන්ම අනවශ්‍ය ආනයනයන් සීමා කිරීම ද කළ යුතුයැයි කී ඇමතිවරයා පානීය ජලය, ඇපල් මිදි, ආදී අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කළ යුතුව ඇතැයි ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ගම්මන්පිලයෝ...තොලොංචි වෙලා යන්නකෝ... රට තවත් බංකොළොත් කරන්නේ නැතිව...
ඔය ගැන දන්නේ මනීෂ තමයි ... අහලා බැලුවා නම් නරකද?
ඔයයි, අප්පොච්චියි තමයි මේ ඔක්කොටම වග කියන්න ඕනේ. ජනතාව නන්නත්තාර කරලා සැප ගන්නවා.
මෙහෙම ප්‍රශ්නයක් එන බව කව්ද කිව්වාම ඇමැතිවරයෙක් කිව්ව ඒවා බොරු කියලා. දැන් සැපද?
එදා එළවාගන්න බැරුව උන්නේ කොටි. මෙදා එළවාගන්න ගන්න බැරුව ඉන්නේ මේ අය.
දොඹකර ගෙන්නන්න , අශුචි නැව් වලට දෙන්න කියල චිනේට ඩොලර් මිලියන් ගණන් ලඟකදී ගෙවන කොට ඔහොම අර්බුදයක් ළඟ ළඟ එනවා කියල ඔයාගේ ලොක්කලට නිකමට වත් කල්පනා වෙලා නැත්ද ?
ජනතාවට නම් ඔය ටික තේරිලා කලක් ගතවුනා. අපි උත්තරයක් දෙන්නම් ඊලග මැතිවරණයකදී..
රට කාපු කෙනෙක් ඇහුවා ලූ දැන් සැපද කියලා.
69ට පින්සිදුද වෙන්න...!
පානීය ජලයත් අත්‍යාවශ්‍ය භාණ්ඩයක්ලු. ඒකත් සීමා කරන්න වෙනවයි කියන්නේ...
ඔහෙලා ඔක්කොම මේ වංචාවේ, ප්‍රෝඩාවේ, පව්කාර වැඩවල කොටස්කාරයින් බව දැන් කවුරුත් දන්නවා. ඔහෙලා සියල්ලම තොලොංචිවෙලා යා යුතුයි මේ රටට සෙතක්වීමට... කාලකන්නි... ඔහෙලාගේ කතා අහලා මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නේ. ඔහෙලාට පක්කලිකම් කරන චීවරධාරීන්ද ඉන්නවා. ඊයේ, පෙරේදා එවැනි කෙනෙකු අර මහාමාර්ගය පිල්ලි ගහන මිනිහාට කිව්වා නුවර අධිවේග මාර්ගය හදලා දෙන්න කියලා. නිර්වාණය අවබෝධ කළ යුත්තේ අධිවේගයේද?
69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ පසුගිය රජයට වඩා ජනතාවට යහපතක් වෙන්නේ මේ ගොල්ලෝ මේ අවුරුදු 5 පසුගිය ආණ්ඩුවට බැන බැන ඉන්නවා. ජනතාවට එන්න එන්නම ජිවත් වෙන්න අමාරුයි.
මේ කාලකණ්ණින්ගේ කයිවාරු සහ පුරසාරම් නිසා රටට වෙන්න තියෙන උපරිම හානිය වෙලා. ඉන්ධන හා ඖෂධ දෙන්නේ හිලව්වට මොනවා අරගෙනද කියලා පොඩ්ඩක් ඇහැ කණ ඇරගෙන බලලා ඉන්න. මොකද දෙන්නම නැතිව ඔහෙලගේ ගේ දොරත් ඉන්දියාවට සින්න කරලා තියෙයි මේ යන තාලෙට...
ඔබ මේ පිළිබඳ වගකිවයුතු ඇමැති හැටියට කරන්න බැරිනම් කරන්න පුළුවන් ඇමැති කෙනෙකුට දීලා ඉල්ලා අස්වුණානම් තමයි හොඳ...!
රාජපක්ෂලා, විමලයා, ගම්මන්පිලයා, වාසුලා එකතුවෙලා රටට කරපු හෙනේ දැන්වත් තේරුම් ගන්න. තවත් බලාගෙන ඉන්න, අපේ රට නැවත ගොඩනැගිය නොහැකි ලෙස අසාර්ථකම රටක් ලෙස පත්වෙලා ඉවරයි...