(ගයාන් සූරියආරච්චි)
ලංකාවේ ප්‍රථමවතාවට බෙහෙත් පෙති නිෂ්පාදනය කරන යන්ත්‍රයක් නව නිපැයුම්ශිල්පි කැලුම් වාදසිංහ විසින් නිර්මාණය කර තිබේ.
මෙහි ඇති සියලුම උපාංග දේශීය වශයෙන් නිර්මාණය කර ඇති අතර විදෙස් රටකින් එවැනි යන්ත්‍රයක් ආනයනය කරන්නේ නම් රුපියල් ලක්ෂ 30ක් 40ක් පමණ වැය කිරීමට සිදුවන බව වාදසිංහ පැවැසීය.
මෙම යන්ත්‍රයෙන් බටහිර ඖෂධ මෙන්ම දේශීය ඖෂධත් නිෂ්පාදනය කිරිමේ හැකියාව තිෙබ්. බටහිර ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍රවලට බොහෝදුරට දේශීය ඖෂධ දැමු විට යන්ත්‍රය හිරවීමේ ප්‍රවණතාවය වැඩිය. එහෙත් මෙම යන්ත්‍රයෙන් ඒ සියලු අවහිරතා මඟහැර දේශීය ඖෂධත් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබේ.
මෙම යන්ත්‍රය නිපදවීමට රුපියල් ලක්ෂ 4 1/2ක් වැනි මුදලක් වැයවූ බව වාදසිංහ පවසයි. මෙය නිපදවීමට පෙර පර්යේෂණ රැසකට යොමු කෙරැණු අතර ඖෂධයේ හැඩය ලබාගැනීමට අත්හදා බැලීම් කීපයක් සිදුකෙරිණි. ඒ අනුව මෙය නිපදවීමට මාස 6ක පමණ කාලයක් ගතවිය.
එවැනි යන්ත්‍රයක් නැවත අලුතින් නිපදවන්නේ නම් මාස දෙකකින් නිපදවිය හැකි බව වාදසිංහ කියයි.
‘‘මෙවැනි යන්ත්‍රයක් නිෂ්පාදනය කිරිමේදී ඖෂධ පෙත්තේ හැඩය ලබාගැනීම, බර, කාලය, ප්‍රමාණය වැනි කරුණු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.
විදේශ රටකින් ආනයනය කළ යන්ත්‍රයක් කැඩුණොත් එහි අමතර කොටස් එය ආනයනය කළ රටෙන් ගෙන්වීමට සිදුවෙනවා. එහෙත් මේ යන්ත්‍රය නිපදවුයේ ලංකාවේ උපාංගවලින්. ඕනෑ වෙලාවක අපට මෙය අලුත්වැඩියා කරගන්න පුළුවන්. මෙය සම්පුර්ණයෙන් ‘‘මෙඩි ඉන් ශ්‍රී ලංකා’’ යැයි වාදසිංහ පැවැසීය.


නව නිපැයුම් ශිල්පී කැලුම් වාදසිංහ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය විශිෂ්ටයි, ඔබට සුබ පැතුම් !!
මෙම යන්ත්‍රයෙන් බටහිර ඖෂධ මෙන්ම දේශීය ඖෂධත් නිෂ්පාදනය කිරිමේ හැකියාව ඇතත් මෙම යන්ත්‍රයෙන් වැරදි පුද්ගලයන් මිලදී ගෙන ලංකාවෙත් චීනයේ සහ වියට්නාමයේ මෙන් මත්ද්‍රව්‍ය නිපදවීමට ප්‍රබල සම්භාවිතාවක් ඇත. කෙසේවෙතත් තරුණයාට සුබ පතනවා
රූපවාහිනී යන්ත්‍රවල අපි හැම දාම රෑට දකින්නෙ එලොවටත් නැති මෙලොවටත් නැති අර දැක්කොත් දවසම එපාවෙන දේශපාළුවන්ගෙ කථා. බලන්න රටට වැඩක් ඇති මොන තරම් දක්ෂ තරුණ පරපුරක් අපේ රටේ ඉන්නවද කියල. අඩුමගානෙ පාලකයන්ට බැරිනම් මේ වගේ තරුණයන්ට අත දෙන්න, මේ විද්‍යුත් ජනමාධ්‍යය වලින්වත් සතියට එක දවසක් හරි දුන්නොත් මොකද මේ වගේ රටට වැඩක් ඇති හෙල පුත්තුනගේ දස්සකම් රටට කියාපාන්න අවස්ථාවක්.
මෙවැනි දේශීය මොළවලින් රටට වැඩක් ගත යුතුය. මේ රටේ සම්පත්.
දේශපාලුවන්ට නොව මේ අයට නම්බුනාම ලබාදෙන්න ඕන
මේ වගේ ප්‍රවෘත්ති කොතෙකුත් අහලා තියෙනවද, එක එක කාලෙට එක එක අය අරක නිෂ්පාදනය කෙරුවා මේක නිෂ්පාදනය කෙරුවා කියල ප්‍රවෘත්ති අහන්න ලැබෙනවා ඊට පස්සේ ඒ අයටයි නිෂ්පාදනය කරපු ඒවාටයි වෙච්ච දෙයක් නැහැ
අනේ පුතේ, අපේ රටේ ඕවාකරන අයට තැනක් නෑ. පුළුවන් නම් පිට රටකට ගිහින් දියුණු වෙන්න බලන්න...
සුපිරි , එකෙන්ම ඉදිරියටම යන්න සියලු දිරිය ලබත්වා!!
විශිෂ්ටයි
ඔබගේ සියලු පැතුම් සාර්ථක වේවා...!!!
මේවාට සිරි ලංකාවේ අගය කිරීමක් ලැබෙන්නේ නම් නැහැ.. රටේ නායක කාරකාදීන්ට අවශ්‍ය ඕනෑදෙයක් ආනයනය කරලා රේගු ආදායම් හා කොමිස් ගැනීමට පමණි...
අර වේගයෙන් පුරන් කුඹුරු වපුරපු චිත්‍ර ඇඳපු කොල්ලෝ සෙට් එක කෝ දැන්...? එ්වත් කළේ බුද්ධි අංශය මෙහෙයවීමෙන්ද?
සතුටුයි . ඔබට සුබ පැතුම් . නමුත් වැඩක් වෙන එකක් නැහැ . පහුගිය කාලෙ කොතරම් නිෂ්පාදනය කළාද. ඒවට මොකක්ද වුනේ . ඔක ඇමරිකාව ,ජපානය ,චීනය වගේ රටකට දෙන්න . ඔබට ඉදිරියට යන්න පුළුවන් .
දේශීයව නිෂ්පාදනය කරනු ලබන මෙවන් නව නිපැයුම් වැඩි දියුණු කිරීම දිරිගන්වමින් දේශීය නිෂ්පාදකයින්ට අතදිය මුත් සිදුවන්නේ යම්යම් වාසි තකා සෑමදෙයක්ම ආනයනය කිරීමට යොමුව සිටීම බව පෙනෙන්නට ඇත...
හොඳ වැඩක්...!!! මේවාට ඉතින් WHO අනුමැතිය ඉල්ලන සෙට් එකක් එයි. මොකද පිට 150000 යේ වෙන්ටිලේටරය ලංකාවේ විකුණන්නේ 350000ට නේ. එ්වායේත් හොරා කන කම්බා හොරු සෙට් එකක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා...