
(අංජුල මහික වීරරත්න)
මෙරට තැපැල් සේවාවේ අනාගත ප්‍රගමණය වෙනුවෙන් අවශ්‍ය සියලු සහාය ලබා දෙන බවට ආසියා පැසිෆික් තැපැල් සංගමයේ මහලේකම් ආචාර්ය වින්යා ප්‍රකාෂ් සිං මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවේ පැවසීය.
මහ ලේකම්වරයා මේ බව කීවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු වූ අවස්ථාවේදී ය.
වත්මන් තැපැල් සේවා විෂය භාර අමාත්‍යවරයා ලෙස නලින්ද ජයතිස්ස මහතාගේ අදහසකට අනූව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ආසියානු පැසිෆික් තැපැල් සංගමය සමග එක්ව සංවිධානය කළ තැපැල් මාණ්ඩලික නිලධාරින් සඳහා හැකියා වර්ධන තෙදින පුහුණු වැඩසටහන සඳහා මෙරටට පැමිණි ආසියා පැසිෆික් තැපැල් සංගමයේ මහ ලේකම් ආචාර්ය වින්යා ප්‍රකාෂ් සිං මහතා එම පුහුණු වැඩසටහන අතරතුර අමාත්‍යවරයා හමුවිය.
මෙරට තැපැල් සේවාවට තොරතුරු තාක්ෂණය එක්කොට නව්‍යකරණය කිරීම, තැපැල් සේවාව ඩිජිටල්කරණයට ලක් කිරීම ආදී කරුණු පිළිබඳව මෙහි දී විශේෂ අවධානයක් යොමු විය.
ආසියා පැසිෆික් තැපැල් සංගමය (APPU) රටවල් 32 ක සාමාජිකත්වය දරණ අන්තර්ජාතික සංගමයක් බව අමාත්‍යවරයා දැනුවත් කරමින් මහ ලේකම්වරයා සඳහන් කළ අතර එම සාමාජික රටවල තැපැල් සේවාවේ සංවර්ධනය වෙනුවෙන් තම සංගමය කැපවී කටයුතු කරන බව ද පැවසීය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකාවේ තැපැල් සේවයට ආසියා පැසිෆික් තැපැල් සංගමයේ සහය