
(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව, පාකිස්ථානය හා බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන් රැගෙන යාම ලබන 15 වැනිදා තෙක් තාවකාලිකව අත්හිටවූ බව එමිරේට්ස් ගුවන් සේවා සමාගම කියා සිටී.
කෙසේ වෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයින්ට, එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවද එමිරේට්ස් ගුවන් සේවා සමාගම වැඩිදුරටත් පෙන්වා දේ.
මේ අතර පෙරේදා දිනයේ දී එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඉන්දියාවෙන් සංචාරකයින් එරටට ගෙන්වා ගැනීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට ද තීරණය කෙරිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පේන්නේ ඇම්ඩා වයිබර් තාක්ෂණයෙන් කියලා කරපු දෙයක් වගේ...!!!