
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රුපියල් කෝටි 30කට අධික වාටිනා කමකින් යුතු ගජමුතු තොගයක් සමග සැකකරුවකු මහිමංගනය ආදි වාසි ගම්මානයේදි අද අත් අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු පවසති.
ආරක්ෂක අංශ බුද්ධි තොරතුරක් මත මාස ගනනාවක සිට සිදු කළ විමර්ෂණයකින් පසුව මෙම මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව වැටලීම සිදුකළ වනජීවි නිලධාරීහු කියති.
ශ්‍රී ලංකාවේදී එකම ස්ථානයකදී අත් අඩංගුවට ගැනුන විශාලතම ගජමුතු තොගය වන බව කියයි.
අත්අඩංගුවට ගත් ඒවා අතර ගජමුතු 30ක් දිවියකුගේ සමක කොටස්, ඇත් දළයක කොටස්, දිවියකුගේ තෙල්, කරුවල ශාඛ කොටස්, මෙරට නිශ්පාදනය කරන ගිනි අවියක්, සතුන් ඇල්ලීමට යොදා ගන්නා මදු, ඇත්දළ උපයෝගි කර ගනිමින් නිර්මාණය කළ මුදු, පළිම වර්ග ඇතුළු ඇඟපළඳින ආයිතම් වනජීවි වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතින් දැඩි ආරක්ෂීත ශාඛයක් වන දඹ ශාඛ වල කොටස් සමග මෙම ජාවාරම මෙහෙය වු ප්‍රධාන සැකකරු මාදුරුඔය ජාතික වන උද්‍යානය ආසන්නයේ පිහිටි මහියංගනය ආදි වාසි ගම්මානයෙදී මෙලෙස අත් අඩංගුවට ගැනිමට වනජීවි නිළධාරීන් සමත්ව තිබුනී.
විල්පත්තුව,රිටිගල හා මහියංගනය වනජීවි නිළධාරින් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය.


2025 ඔක්තෝබර් මස 08
1984
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලොකුම ගජමුතු තොගය මහියංගනයෙන් අල්ලයි