( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලාංකිකයින් ඇතුළු රටවල් කිහිපයකින් පැමිණෙන ශ්‍රමිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවීමට එරට රජය තීරණය කර ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් වාර්තාව්.
මෙරට පවතින කොරෝනා අවදානම හේතුවෙන් එරට රැකියා බලපත්‍ර ලබාදීම මෙලෙස දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
මේ දිනවල ආසියා රටවල් හී පැතිර යන කොවිඩ් 19 හි ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ශ්‍රී ලංකාවද එරට විසින් රතු ලැයිස්තු ගත කළ රටවල් කිහිපයක අතර වේ.
මේ හේතුවෙන් ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයින්ට බහරේන් රජය මෙම තහනම පනවා ඇතැයිද තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.
කෙසේ වුවද බහරේනයේ පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයන්ට මෙම තහනම බලනොපාන බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ රටේ ස්වජාතිකයින්ට පමණක් නොව, පසුකලෙක පුරවැසිභාවය ලබාගත් ජනතාවටත් ලෝකයේ රටවල පාලකයින් එක ලෙස ආරක්ෂාව සලකනවා. මේ වසංගත තත්වය හමුවේත් බහරේන් රජයත් එසේ කරමින් සිටිනවා.. එ්ත්, ලංකාවේ මිලේච්ඡ පාලකයින් ශ්‍රී ලාංකික ජනතාව පිටරටවල තම රටේ ජනතාව අතරමන් කරමින් හිඟමනට පත් කළා පමණක් නොව, ඔවුන්ගේ මුදල් පවා විවිධ අයුරින් ගසා කෑවා. ඒ වගේම ඔවුන් මිනිස් බෝම්බ ලෙසත් හඳුන්වා දෙනු ලැබුවා. ලාංකික ජනතාව පවා තම සහෝදර ජනතාව ප්‍රතික්ෂේප කළා. මෙවුන් ඒ තරමටම තිරිසන්නු... කිසිම රටකට වැද්ද නොගත යුතු ජාතියක්. බහරේන් රාජ්‍යයට ස්තුතියි ඒ ගත් තීරණයට. ලෝකයේ සියලුම ධනවත් රටවල් මෙවැනි තීරණයක් ගැනීම ඉතාම කාලෝචිතයි. නැත්නම් මෙවුන් ලෝකෙම කොරෝනා වලින් වනසලයි පස්ස බලන්නේ...