
(ළහිරු හර්ෂණ)
කොවිඩ්-19 වෛරසය ආසාධනය වී මියගිය ලංකා සළුසල හා ලක්සල ආයතන හිටපු සභාපති,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ප්‍රධාන විධායක නිළධාරී, මහරගම ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන මහතා වෙනුවෙන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදු කෙරිණි.
විහාරාධිකාරි කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ආගමික වතාවත් සිදු කළ කළහ.
එම අවස්ථාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හා පක්ෂයේ නිළධාරීහු පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් පේනවා මොන ආණ්ඩු ආවත් සංස්ථාවල සභාපතිලා වෙන්නේ දේශපාලනේ ඉන්න දෙවැනි පෙළ කියලා.. හදන්න බෑ මේ රට..