(යොහාන් භාසුර)
පිටුවහල් කරනු ලැබූ ජනාධිපතිවරයකු, වැඩබලන ජනාධිපතිවරයකු සහ වටලනු ලැබූ අගමැතිවරයකු සිටින බවත් වෙනසක් බලාපොරොත්තු වන තරුණයන් සහ සාමය පවත්වාගැනීමට කටයුතු කළ යුතු ආරක්ෂක හමුදා සහ පොලිසිය මෙම තීරණාත්මක අවස්ථාවේදී අවබෝධයෙන් සහ සංයමයෙන් කටයුතු කරමින් වගකීම්සහගතව ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටින බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වර්තමාන අර්බුධකාරී තත්වය පාලනය කිරීමට එකඟතාවයකට පැමිණිය නොහැකි අවුල්සහගත තත්වයක පාර්ලිමේන්තුව සිටින බවත් හදිසි නීතිය ජනතාවගේ මූලික අයිතීන් මර්ධනයට හෝ සාමකාමී ජනරාශීයට පීඩා කිරීමට භාවිතා නොකළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
කලබලකාරී තත්වය හමුවේ සන්සුන්ව සිටින ලෙස සහ රාජ්‍ය දේපළ විනාශ කිරීමට කිසිඳු ලෙසකින් ප්‍රයන්ත නොදරන ලෙසත් සම්පත් ආරක්ෂා කරගනිමින් වගකීමට සවිඥාානිකව සිටීම සහ රටේ යහපැවැත්ම උදෙසා ප්‍රඥාාවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව සියලුම පාර්ශව අගය කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් රට තුළ සිදුවෙමින් පවතින සිදුවීම් පිළිබඳව කණගාටුවන අතරම අරාජික තත්වයට ඇඳ වැටීමට හැකියාවක් නොමැති බවත් ‘ලංකා සභාව’ වැඩි දුරටත් සඳහන් කරයි.
ලංකා සභාවේ සභාපති කීර්තිසිරි ප්‍රනාන්දු කුරුණෑගල රදගුරුහිමි සහ දුෂාන්ත රුද්‍රිගු කොළඹ රදගුරුහිමි එම නිවේදනයට අස්සන් තබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවශ්‍ය දේ කරගත්තාට පස්සේ අර කතාව වෙනස් කළාද?
තම තමන්ගේ ආගමික කටයුතු බලා සිටියේ නම් වඩා මැනවි. ත්‍රස්තවාදී කාලයේවත් , වෙනත් රටේ කිසිඳු ප්‍රශ්නයකදී අසලාවත් නැති අර සභා මේ සභා දැන් වැහි වැහැලා ඇත.මේ හැම කෙනාගේම යටි අරමුණු අපි හොඳින් දනිමු
ලංකා සභාව කොහොමත් ප්රජාතන්ත්රවාදයට විරුද්දයි නේ. අගමික අන්තවාදය පතුරවනවා වගේ පේන්නේ.
මේ අය ගිනි අවුලලා... දැන් බයිලා ගහනවා...
සභාව ඔය ටික පල්ලියේ කියන්න. රටේ ජනතාව කියන්නේ රටේ ඉන්න 9% කතෝලික ජනතාව නොවෙයි. එක මතක තියා ගන්න. කතෝලික බලවේගය නැවත රටේ ඔලුව උස්සනවා වගේයි.
අත්සන් කරලා රෝල්කරලා ගහගන්න. සල්ලි දීලා මිනිස්සු ආගමට බඳවා ගන්නවා වගේ මේකෙත් කරන්න පුළුවන් නම් කරලා බලන්න. දන්නවනේ යන්න වෙන තැන. බලාගෙන පරිස්සමෙන් ඉන්න.
රටම ප්‍රතික්ෂේප කළ කෙනෙක් බලෙන් අගමැති වෙලා දැන් බලෙන් ජනාධිපති වෙලා.. මේක අපිට ඕනෑ දේ නෙමෙයි කොහෙත්ම...
පොල් පැලේට නිතර නිතරම ගොම දියකර ගහන්න වෙනවා නැත්නම් පොල් පැලේ කාල දමාවි
ලංකාව බෞද්ධ රටක් . කොහෙවත් යන විනාසකාරීන්ට ට ඔන විදියට නටන්න දුන්නොත් ඉතින් විනසෙම තමා.ආයෙ කොටි නැගිටිනව ඔහොම උනොත්. රටෙ කරුමෙ තමයි මුන් ඉන්න ඒක.
දේශපාලනේට ඇඟිලි ගැසීම සියලු ආගමික පැවිද්දන්ට තහනම් කළ යුතුයි. ඒ අය තමයි තමන්ට සුදුසු නොවන කතා කියා රට අවුල් කරන්නේ....
යේසුස් සමිඳුන් ඊශ්‍රායලයේ යුදා දේශයේ වූ ජීවත් වූ සමයේ යුදාගමික ධර්මධරයන් එතුමා හමුවට පැමිණ මෙසේ පැවසූහ. 'අපි නම් මෝසෙස් ගේ (යුදා ඊශ්‍රායල් ජනතාව මිසර දේශයේ වහල්කමින් නිවහල් බවට ගෙනා බලවත් නායකයා) ගෝලයන්ය.අපි මෝසෙස් ගේ ධර්ම විනය අනුගමනය කරන්නෙමු. ඔබගේ ගෝලයන් එසේ නොකරති යනුවෙන් පැවසූහ. මන්ද යත් ගෝලයන් අනුගමනය කළේ ක්‍රිස්තුස් සමිඳුන්ගේ ඉගැන්වීම් බැවිනි. දැන් කණගාටුවට කරුණක් වී ඇත්තේ වර්තමානයේ සමහර ක්‍රිස්තියානි දේව සේවකයන් රැල්ලට හෝ වෙනත් පෞද්ගලික හේතුමත උද්ඝෝෂණ වලදී එළිපිටම කිතුනු ධර්මය වෙනුවට අනෙකක් කිරීමයි...
ශ්‍රී ලංකාව කිසිම දවසක පාඩම් ඉගෙන නොගන්න රටක් වෙලා. ඔවුන්ට ඔවුන්ගේ ජාතිය හා ආගම හැර වෙන කිසිම දෙයක් නැහැ. ඔවුන්ට ඔවුන්ගේ ජාතියෙන් ලැබුණු දෙයක්ද නැත. මෙතරම් අනර්ඝ බුදුදහම වන් මැණිකක් තිබුණාද? එයින්ද අත්කරගත් දෙයක් නැත. මොවුන් ගෙම්බන් වැනිය...