IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලෝක සෞඛ්‍ය සමුළුවේදී හොඳ තීරණ රැසක්

(අංජුල මහික වීරරත්න)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව කලාපීය සෞඛ්‍ය ප්‍රගමනයට සුභවාදී තීන්දු තීරණ රැසක් සමගින් සාර්ථකව නිමා වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ අතර සමුළුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන බාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොහ්මේ ඇතුළු රටවල් 8 ක් නියෝජනය කරමින්  සෞඛ්‍ය අමාත්‍යවරු සහ රටවල් දෙකක් නියෝජනය කරමින් තානාපතිවරු ද අනෙකුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෝ ද  සහභාගී වී සිටියහ.

සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම සහ දුම්රහිත දුම්කොළ වලට එරෙහිව සටන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින්

සමුළුව ඇරඹිණි.

එහිදී අග්නිදිග ආසියා කලාපීය රටවල සෞඛ්‍ය හදිසි අරමුදලේ සංචිතය පුළුල් කිරීම සහ ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධයට එරෙහි ක්‍රියාමාර්ග වේගවත් කිරීම, ඉදිරි වසර සඳහා කලාපයේ සෞඛ්‍ය න්‍යාය පත්‍රය සකස් කිරීම, ප්‍රමුඛ සෞඛ්‍ය ගැටළු පිළිබඳ යෝජනා සම්මත කර ගැනීම සහ පෙර වසරවල යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, දුම් රහිත දුම්කොළ, ඉලෙක්ට්‍රොනික සිගරට්, නිකොටින් බෑග් සහ පුවක් භාවිතයට එරෙහිව සටන් කිරීමේ උපාය මාර්ග පිළිබඳව සාකච්ඡා විය.

සෞඛ්‍ය හදිසි අරමුදලේ (SEARHEF) සංචිතය පුළුල් කිරීම, කලාපීය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගෝලීය කැපවීම් සමඟ පෙළගස්වා ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධයට එරෙහිව ක්‍රියාමාර්ග වේගවත් කිරීම ආදි කරුණු පිළිබඳව ඉතා පුළුල්ව මෙහිදී සාකච්ඡා කර තීරණ වලට එළැඹි බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

 



අදහස් (0)

ලෝක සෞඛ්‍ය සමුළුවේදී හොඳ තීරණ රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site