
(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොව දහයෙන් නවයක බලයක් තිබුණත් ලෝක වෙළඳපලේ මිල වැඩිවීම් පාලනය කිරීමේ හැකියාවක් නැතැයි බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල මහතා පැවසීය.
ලෝක වෙළඳපල තුල භාණ්ඩ මිල තීරණය වන්නේ පාර්ලිමේන්තුවේ බලය අනුව නොවන බව කී අමාත්‍යවරයා ලෝක වෙළඳපලේ මිල ඉහළයාමෙන් සිදුවන පාඩු දිගින් දිගටම දරාගැනීමේ හැකියාවක් රජයට නැතැයි ද සඳහන් කළේය.
ඉන්ධන සඳහා රජයෙන් සහනයක් ලබානොදුන්නොත් මෙම මාසයේදී තෙල් සංස්ථාවට රුපියල් කෝටි 1,000ක පාඩුවක් සිදුවන බව කී ඇමතිවරයා එවැනි තත්වයක් හමුවේ මිල ඉහළදැමීමකින් තොරව පවත්වාගෙන යා නොහැකි බව ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ දී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේට මොකක්ද පාලනය කරන්න පුළුවන්...?
මේ ගණන් යාම අපිට විතරක් නොවෙයි. කටාර් වල රියාල් 2ට තිබුණු සිගරට් පැකට් එක දැන් රියාල් 16 යි... රියාලෙට තිබුණ පෙප්සිය දැන් රියාල් 2.50 යි.
අරාබි බැහැ..., මේක බැහැ කියනවා විතරයි.. මොකටද ඉන්නේ?
මේක තවත් අනාගත්තේ ලංකාවේ ආර්ථික ඔස්තාර්ලා ඡන්ද පෝස්ටර් ගහනවා වගේ සල්ලි කොළ අච්චු ගහන නිසයි. ඒකෙන් ඩොලර් ගාන වැඩිවෙනවා උද්ධමනය වැඩිවෙනවා. මෙයා හදන්නේ මේ ගොල්ලන්ගේ බැරි බැරියාව කොරෝනාවට බැර කරන්න. එහෙමනම් හාල් මිල නහුතෙට නැග්ගේ කොරෝනාව හින්දාද? ලෝක වෙළඳපලේ නාඩු හාල් කීරි සම්බා වැඩිවෙලාද?
ඔහෙලාට කිසිම දෙයක් පාලනය කරන්න බැහැ. ඔහෙලා එහෙනම් පාලනයට ආවේ මොකටද? බලාගෙන ගියාම මේ ඔක්කොම තොත්ත බබාලා...
මෙයාට කියන්න කෙනෙක් නැද්ද? එහෙම පාලනය කරන්න බැරි වුණා. ඒක කළමනාකරණය කරන්න පුළුවන් කියලා... මොකෝ එක පාරට නෙවෙයිනේ වැඩිවෙන්නේ. ටික ටිකනේ... පහුගිය යහපාලනේ කාලේ ඕකට තමයි මාසෙන් මාසෙට මිල සිස්ටම් එකක් ගෙනාවේ. එකට කොකා පෙන්නලා දැන් කියනවා බොරුවට... එදා ඒක දිගටම කළානම් අද මිනිස්සු එකපාරට ලොකු ගාණකින් වැඩිවෙන්නේ නෑ, මිනිස්සුන්ට දැනෙන්නෙත් නෑ... මොකද මිනිස්සු නිකන්ම හුරුවෙනවා මේ කාලේ අනිවාර්යයෙන් වැඩි හෝ අඩු වෙනවා කියලා...
හැබැයි විපක්ෂයේ ඉන්නකොට කියන්නේ වෙන දේවල්... එකෙක් පාර්ලිමේන්තුවේදී කිව්වා අපි බලයට ආවොත් ඩොලර් කන්ටේනර් පිටින් ගේනවා කියලා...
බොරු කයිවාරු? ආර්ථික ඔස්තාර්... මීට ඉස්සරත් කිව්වේ සක්කරයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩුකරන්න බැහැ. රු.2500 කින් මාසයක් ජීවිත වෙන්න ඇති කියලානේ? දූෂිත දේශපාලුවන් කරන වැඩවල හැටියට රටකට හරි යයිද?
මේකේ ඉන්න හරක් හිතාගෙන ඉන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ගෑස් හදන්නේ කියලා. සජිත්, අනුර වගේ කිසිම දැක්මක් නැති මනුස්සයින්ගේ ගෝලයින්ට ඊට වඩා මොලයක් කොහෙන්ද?
නමුත් ඔබට එය කෙසේ හෝ කළ හැකිය.
එකම තෙල් එකම මිලට විකුණන ඉන්දියන් ඔයිල් සමාගම ලාබ ලබද්දී අපට බැරි ඇයි? පිරිවැය අඩු කරන්න ආයතනය පැත්තෙන් කිසි ක්‍රියා මාර්ගයක් ගන්නේ නැතුව හැම එකටම මිල වැඩි කරන එක විසදුම කියලා හිතන ඔයා වගේ කෙනෙක්.
මේ වගේ කපටිම කපටි කෙනෙක් දේශපාලනේ දැක්කමයි.