(ඩයනා උදයංගනී)
ලංකා විදුලි බල මණ්ඩලයේ පුහුණු මධ්‍යස්ථාන කොවිඩ් වයිරස ආසාදිතයින් වෙනුවෙන් වූ රෝහල් බවට පත්කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
දිවයිනේ ප්‍රමුඛ රෝහලක් හා එක්ව මෙම කාර්යය සිදුකරන බව ඇමතිවරයා සඳහන් කරයි. මේ යටතේ පිළියන්දල, කලවාන, සමනලවැව සහ කිංචිගුණේ ලංවිම පුහුණු පාසල් රෝහල් වට පත්කෙරෙන අතර එහි සියලු සංචාරක නිවාස නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කෙරේ.
පිළියන්දල පුහුණු පාසල කොවිඩ් ආසාදනය වන විදුලි සේවකයින් වෙනුවෙන් වූ රෝහලක් බවට පත්කිරීම අද (13) ආරම්භ කළ බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ගියොත් අන්තිමට ලංකාවට ඉතුරුවෙන්නේ චීන මැෂීන් වලින් සහ බටහිර බෙහෙත් වලින් පිරිණු රෝහල් පුරය විතරයි
ඇත්තෙන්ම හොද වැඩක්
හොඳම වැඩක්