IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලංකා බදු ප්‍රතිපත්තිය ගැන වසන්ත ස්විස්ටර්ලන්තයට කියයි

(අංජුල මහික වීරරත්න)

සරල බව, විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව අරමුණු කරගත් ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ස්විස්ටර්ලන්තයේ වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචනය අමතමින් පැවසීය.

විනිවිදභාවයෙන් යුත් වෙළෙඳ ප්‍රතිපත්ති, බහුපාර්ශ්වික සහයෝගීතාව සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා වන තම කැපවීම නැවත තහවුරු කරමින් ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 5වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී සාර්ථකව අවසන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ ප්‍රතිසංස්කරණ අභිප්‍රායන් හඳුනා ගත් ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) සාමාජිකයින්ගේ පුළුල් සහභාගීත්වයක් මෙම සමාප්ති සැසියට දක්නට ලැබුණි. 

සමාප්ති අදහස් දක්වමින්  අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කීවෙි ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) සාමාජිකයින්ගේ ඵලදායී සහභාගීත්වය සහ සමාලෝචන ක්‍රියාවලිය පුරා ලැබුණු බවයි.

රටේ පුළුල් සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන තීරු බදු සරල කිරීම, වෙළෙඳ පහසුකම් සැපයීම, ආයෝජන විනිවිද භාවය සහ අපනයන විවිධාංගීකරණය කෙරෙහි අවධානය යොමු කළ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අමාත්‍යවරයා  මෙහිදී අවධාරණය කළේය. 



අදහස් (7)

ලංකා බදු ප්‍රතිපත්තිය ගැන වසන්ත ස්විස්ටර්ලන්තයට කියයි

මැක්ස් Saturday, 18 October 2025 01:48 PM

අර එක්ක යන්න හිටපු කෙනා නැතුව පින්තූරේ පාලුයි පාලුයි වගේ.

:       3       16

සමන් - ඕමානයSaturday, 18 October 2025 09:22 PM

අපරාදේ, එයා හිටියා නම් සමාලෝචනේ අපූරුවට කරන්න තිබුණා නොවැ...

:       0       2

Lalla Saturday, 18 October 2025 09:53 PM

සරල විනිවිද තීරුබදු නම් අර වාහන දහස් ගණනක් රඳවගෙන රේගුව යකා නටන්නේ ඇයි...? අනික රටේ ජනතාව ගසාගෙන කන තීරුබදු සරල ලෙස සැලකිය හැකිද?

:       0       1

de silva Sunday, 19 October 2025 12:42 PM

ලංකාවේ වාහන වලට සහ සහල් වලට ගහන බද්ද ගැන කීවා නම් ස්විස් කාරයින්ට උණ ගනීවි...

:       0       1

sunil Sunday, 19 October 2025 12:44 PM

මැක්ස් ඒක "ඉස්සා බිග් කුච්චන් "එකක් නොවේ ඔයාට පාන්ද?

:       0       0

ගුණරත්න Sunday, 19 October 2025 02:05 PM

බදු ප්‍රතිපත්තිය කියන්නේ පුළුවන් තරම් හූරාගෙන මරලා හරි බදු එකතු කරන එක නොවැ...

:       0       0

Prabath Sunday, 19 October 2025 02:25 PM

බිග් කුච්චන් එකක් වුණේ නැද්ද? ඉංග්‍රීසියෙන්ද කිව්වේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 723 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 560 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site