කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ගවලට සහය දීමක් ලෙස ඉන්දියාවට ඇමෙරිකානු ඩොලර් බිලියනයක හදිසි මූල්‍ය සහනයක් ලබාදීමට ලෝක බැංකුව තීරණය කර ඇත.
ඉන්දියාව තුළ ද කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති වී තිබෙන අතර මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,000 ඉක්මවා ගොස් ඇත. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 53කි.
කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය ආර්ථික අර්බුදයක් ද නිර්මාණය වෙමින් තිබෙන අතර රටවලට සහාය දීම සඳහා ලෝක බැංකුව ඉදිරිපත් ව සිටී.
ලෝක බැංකුව සිය පළමු කොරෝනා මූල්‍ය ආධාර ව්‍යාපෘති මාලාව ප්‍රකාශයට පත් කර තිබේ. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් වන අතර රටවල් 25 කට ඉන් මූල්‍ය සහන සැලසේ.
තව ව්‍යපෘති ගණනාවක් ක්‍රියාවට නැංවෙමින් තිබෙන බවත් මුල් අදියර යටතේ වේගවත් ක්‍රියාමාර්ග මඟින් රටවල් 40කට සහන සලසන බවත් ලෝක බැංකුව කියයි.
එන්.ඩී.ටීවී
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලෝක බැංකුවෙන් ඉන්දියාවට ඩොලර් බිලියනයක්