
(නිමල කොඩිතුවක්කු)
බස්රථ ඇතුලු වාහන සඳහා යොදා ගන්නා ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියට පරිභාහිර බව පවසමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් බස් රථ හිමියන්ගෙන් ලැබී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර සැබෑ තත්ත්වය රටට හෙළි කරන ලෙසත් විජයරත්න මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
බස් රථ වලට යොදවන ඔටෝ ඩීසල්වල දහනය වීමේ සම්භාවිතාව ඉතා වැඩි බවට බස් රථ හිමියන්ගෙන් පැමිණිලි රැසක් මේ වන විට ලැබී ඇතැයිද ඔහු සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
එමෙන්ම මෝටර් රථ වලට යොදන පෙට්‍රල් වල පවා දහනය වීමේ සම්භාවිතාව වැඩි බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසත් ඔහු පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්...
බස් දුවන්නේ භූමිතෙල් වලින් කියලා කවුරුවත් දන්නවා...!!!
ගැමුණු මහත්තයෝ, මගේ දැනුම අනුව නම් දහනය වීමේ සම්භාවිතාව වැඩිවුණාට කමක් නැහැ. අඩු වුණොත් තමයි ප්‍රශ්නේ... සමහර පුද්ගලික බස් රියදුරන් දුරගමන් සේවා වලදී ඩීසල් ගහන කොට පෙට්‍රල් ලීටර් 1ක් කලවම් කරනවා. එහෙම කරන්නේ දහනය වැඩි කරන්න.
පහුගිය දවසක අධිවේගේ බසු නවත්තලා හරක් දෙන්නෙක් පාර හරහා පැන්නා. ඔබතුමා එ් වෙනුවෙන් ගන්න තීරණය මොකක්ද කියලා කියන්න පුළුවන්ද?
අනේ බං නිකන් ඉන්න... බස්වලට ගහන්නේ භූමිතෙල් කියලා අපි දන්නවා..